මුද්‍රණය සඳහා

 
සහිරා මිනි රගර් නොවැම්බර් 4දා

සහිරා මිනි රගර් නොවැම්බර් 4දා

සහිරා විදුහල් ආදී රගර් ක්‍රීඩකයන්ගේ සංගමය මෙහෙයවන සහිරා මිනි රගර් තරගාවලිය නොවැම්බර් මස 4වැනිදා සහිරා විද්‍යලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ආනන්ද, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර, වෙස්ලි, සාන්ත තෝමස් (ප්‍රාථමික), මහනාම, කේරී, ඩී.එස්, නාලන්දා, හින්දු විදුහල, වේල්ස්කුමර සහ සහිරා විදුහල් 'ඒ' සහ 'බී' කණ්ඩායම් තරග වදින මේ මිනි රගර් තරගාවලිය අවුරුදු 12න් පහළ තරගාවලියක් ලෙස පැවැත්වේ.

සහිරා විදුහලට වසර 120ක් පිරීම නිමිත්තෙන් මේ තරගාවලිය සංවිධානය කරන බව තරගාවලිය සම්බන්ධ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ දී එහි විදුහල්පති මොහොමඩ් ජිෆ්රි මහතා පැවැසීය.

සහිරා විදුහල් ආදී රගර් ක්‍රීඩකයන්ගේ සංගමයේ නාසීම් ගෆූර්, ටෝනි අමිත් සහ රීසා ආබ්දීන් මහත්වරුද මේ මාධ්‍ය හමුවට එක්වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]