විස්සයි විස්ස වැස්සට සේදෙයි

ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 තරගය විටින් විට ඇද හැළුනු වර්ෂාව මධ්‍යයේ අහෝසි කෙරිණි.

විස්තර»


රට ගැන සිතමු රට වෙනුවෙන් වැඩ කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 මැයි 01 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


දුමින්ද සිල්වාට වෙඩි තැබුවේ භාරත නොවෙයි ගාමිණී

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයේ දී කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබුවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරි වන ආර් ගාමිණි නමැත්තා බවත් ඒ බව තහවුරු කිරිමට දැනටමත් සාක්කි 30ක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පැවසු ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා දුමින්ද කිසිවෙකුටත් වෙඩි තිබු බවට සාක්කි කිසිවක් නොමැති බව පැවසීය‍.

විස්තර»

කොළොන්නාවට තෙල් ගෙන යන
නළ දෙකක කාන්දු

නඩත්තුවලට එක් නළයක් වසා දමයි

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩාව දක්වා නැව් මගින් ගුවන් යානා තෙල් පොම්ප කරන නළ මාර්ගයේ ස්ථාන දෙකක ඊයේ දහවල් තෙල් කාන්දුවීම් සිදුවී ඇති අතර අලුත්වැඩියා කිරීම් සඳහා...

විස්තර»

ජාතික මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ ජාතික මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30) සිදු කෙරිණි.

විස්තර»

නීලම් සුළි කුණාටුව ඉන්දියාව දෙසට

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් පිහිටි නීලම් සුළි කුණාටුව ඊයේ (30) ඊසානදිගින් දිවයිනෙන් බැහැරව ඉන්දියාව දෙසට ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

විස්තර»

ධාරානිපාත වර්ෂාවෙන් 17,000ක් පීඩාවට

ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක පවුල් 4500ක පුද්ගලයන් 17,000ක් පීඩාවට පත්ව පවුල් 1500ක් අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගම්පහ, මුලතිව්, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල, නුවර, කොළඹ, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක සඳහා මෙම වැසි හා සුළං තත්ත්වය බලපා ඇත.

විස්තර»

අමෙරිකාවේ සැන්ඩි සුළි කුණාටුවෙන් මිලියන 50කට බලපෑම්

බිහිසුණු සැන්ඩි සුළි කුණාටුව පැයට කි. මී. 150 වේගයෙන් අමෙරිකාවේ නැඟෙනහිර වෙරළ ඔස්සේ නිව්ජර්සි ප්‍රදේශය හරහා සඳුදා කඩා වැදුණු අතර ඒ සමඟම ධාරානිපාත වැසි සහ අඩි තුනක තරම් ඝන දැඩි හිම පතනයක් ද ඇතිවී තිබේ.

විස්තර»

කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනය

සැකකාර සිරිපාල වැලිකඩට

මවක හා දියණියක ඝාතනය කළ කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වන ආවාරිගේ සිරිපාල නොවැම්බර් 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඊයේ 30 නියෝග කළාය.

විස්තර»

ශ්‍රී ලංකාවේ ජාතික මානව සම්පත් සහ රැකියා පිළිබඳ ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30) සිදු කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේකර මහතා අතින් එම ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අයුරු.
ඡායාරූපය - නලින් හේවාපතිරණ

 

 
මොන විදිහට රට හැදුවත් උතුරූකරේ ජාති බේද
දකුණු කොනේ නැගෙනහිරේ නොයෙකුත් පිල් අතර වාද
සංවර්ධනයෙන් පල කිම ? අපේකමක් නොමැති වේද
ඇහුණා ජනපතිඳුන් කළ දෑමානි සිංහ නාද