දුමින්ද සිල්වාට වෙඩි තැබුවේ භාරත නොවෙයි ගාමිණී

දුමින්ද සිල්වාට වෙඩි තැබුවේ භාරත නොවෙයි ගාමිණී

තහවුරු කිරීමට දැනටමත් සාක්කි 30ක් අධිකරණයට

* දුමින්ද කිසිවකුට වෙඩි තැබූ බවට සාක්කි නැහැ

* වින්දිතයකු මිස දුමින්ද අපරාධකරුවෙක් නොවේ

 

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයේ දී කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබුවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරි වන ආර් ගාමිණි නමැත්තා බවත් ඒ බව තහවුරු කිරිමට දැනටමත් සාක්කි 30ක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පැවසු ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා දුමින්ද කිසිවෙකුටත් වෙඩි තිබු බවට සාක්කි කිසිවක් නොමැති බව පැවසීය‍.

ආර් ගාමිණි නමැත්තා ප්‍රථමයෙන් වෙඩි තැබිම සිදු කිරිම නිසා මෙවැනි සිද්ධීයක් ඇති වු බවත් දුමින්ද මේ නඩුවේ අපරාධ වින්දිතයෙකු මිස අපරාධකරුවෙකු නොවන බැවින් ඔහු නිදහස් කිරිම සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ උපදෙස් අපෙක්ෂාවෙන් සිටින බව පැවසීය.

ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා මේ බව සදහන් කළේ ඊයේ(30) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය නැවත කැදවු අවස්ථාවේදිය.  ඊයේ ද සුපුරුදු පරිදි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා අධිකරණයට බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඉදිරිපත් කර තිබිණ.

මෙහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසා සිටියේ මේ මස 16 හා 26වන දිනයන්හි නිතිපතිවරයා සමඟ නිතිපති උපදෙස් සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වු බවත් කඩිනමින් නිතිපති උපදෙස් ලබා දෙන බවට රජයේ අධිනිතිඥවරයා දැනුම් දුන් බවය.

ජනාධිපති නිතිඥ ජයන්ත විරසිංහ - මේ සැකකරුවන් නිතිපති උපදෙස් එනතුරු වසරකට අධික කාලයක් නිකරුණේ රක්ෂිතබන්ධනාගාරගතව සිටිනවා .නිතිපති උපදෙස් සදහා අනවශ්‍ය ලෙස කාලය අරන් තියෙනවා.

රහස් පොලිසිය - මෙය ගැටළු සහගත නඩුවක් , එම අවස්ථාවලදි නිතිපතිවරයාගෙන් දණ්ඩ නිති සංග්‍රහයේ 393 වගන්තිය යටතේ කරුණු වාර්තා කර උපදෙස් ලබා ගැනිමට නිතියේ ප්‍රතිපාදන තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි නිතිඥ උපුල් කුමාරපෙරුම - දේශපාලඥයෙක් නැත්නම් ගැටළුවක් නැහැ.

දුමින්ද සිල්වා මහතාගේ අයිතින් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා - භාරත මැරුණු එකයි ගැටළුව ,

නිතිඥ උපුල් කුමාරපෙරුම මහතා - දුමින්ද දේශපාලඥයෙක් නෙවෙයිද ?

ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා - ඇයි භාරත දේශපාලඥයෙක් නෙවෙයි ද ? දුමින්දට වෙඩි තැබුවේ ආර් ගාමිණි නැමැත්තායි .ඔහු වෙඩි තැබුවේ නැත්නම් මේ සිද්ධිය වන්නේ නැහැ ,එය තහවුරු කිරිමට සාක්කි 30ක් අධීකරණයට තිබෙනවා .

ගාමිණි වෙනුවෙන් පෙනි සිටි නිතිඥ ජගත් අබේනායක මහතා - මෙය අසත්‍යයක් .

ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා - ඔබ කොහොමද දන්නේ.

නිතිඥ ජගත් අබේනායක මහතා - සාක්කි තියෙනවා ද?

මෙහිදි විනිසුරුවරයා විසින් එකවර එක් නිතිඥවරයෙකු පමණක් කතා කරන්න. යැයි පවසමින් නිතිඥවරුන්ට දැඩිසේ අවවාද කළේය .නිතිඥ ජගත් අබේනායක මහතා - දුමින්දට වෙඩි තිබ්බේ ගාමිණි බව පවසනවා. එහෙත් භාරතට වෙඩි තැබුවේ කවුද කියලා දන්නේ නැහැ. දුමින්දට වෙඩි තැබුව බවට නිතිඥවරයා මාධ්‍යට ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.මෙය මාගේ සේවාදායකයාට වු අපහාසයක් ,මොහු අවිහිංසක පුද්ගලයෙක්, නඩුව විභාගයට පෙර පුර්ව නිගමනයන්ට එන්න බැහැ .මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා.

ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා - ප්‍රථමයෙන් ආර් ගාමිණි නැමැත්තා දුමින්දට වෙඩ් තැබුවා .සියලුම වෙඩි තැබිම් සිදුවුයේ ඉන්පසුවයි. මේ නඩුවේ අපරාධ වින්දිතයා පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතායි.දුමින්ද වෙඩි තැබු බවට සාක්කි නැහැ.

නිතිඥ උපුල් කුමාරපෙරුම මහතා - හයියෙන් කෑ ගැහුවා කියලා සත්‍ය වසන් කරන්න බැහැ.

මෙහිදි නිතිඥවරු මහෙස්ත්‍රාත්වරයාගේ අවවාද නොතකා එකිනෙකා පරයමින් අධිකරණයේ එකිනෙකාට චෝදනා එල්ල කර ගන්නට විණ.අධිකරණයේ දැඩි නොසන්සුන්තාවයක් ඇති විම මත නඩුව නැවත කැදවිම සතියකට කල් තැබු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලුදෙනා ලබන මස 6 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට නියම කළේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා