බසයෙන් ඇදවැටී තුවාල ලැබූ කාන්තාව දින 3 කට පසු මිය ගිහින්

බසයෙන් ඇදවැටී තුවාල ලැබූ කාන්තාව දින 3 කට පසු මිය ගිහින්

කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් ඇදවැටී බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී පෙරේදා (29) ජීවිතක්‍ෂයට පත් වී ඇත.

අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වී ඇත්තේ නොච්චියාගම අන්දරවැව ඇළපාර පෙරියානකල්ල පදිංචිව සිටි ප්‍රැන්සිස්කු හෙට්ටිආරච්චිගේ රෝහිනී පි‍්‍රයදර්ශනී (49) යන ඇයයි.

මියගිය කාන්තාව ඉකුත් (26) වනදා පුල්මුඩේ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයකින් පැමිණ නොච්චියාගම 37 කණුව ප්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට උත්සාහ කරද්දී බස් රථයෙන් බිමට ඇදවැටී පාරේ හිස ඇනී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත.

කාන්තාව බස් රථය නැවැත්වීමට පෙර බසයෙන් බැසීමට උත්සාහ කළ අවස්ථාවේ අනතුරට මුහුණපා ඇති බව නොච්චියාගම පොලිසියේ රථවාහන අංශය පවසයි. බස් රථය පැදවූ රියැදුරා අනතුර සම්බන්ධයෙන් සැකපිට රථවාහන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා