කොළොන්නාවට තෙල් ගෙන යන නළ දෙකක කාන්දු

කොළොන්නාවට තෙල් ගෙන යන නළ දෙකක කාන්දු

නඩත්තුවලට එක් නළයක් වසා දමයි

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩාව දක්වා නැව් මගින් ගුවන් යානා තෙල් පොම්ප කරන නළ මාර්ගයේ ස්ථාන දෙකක ඊයේ දහවල් තෙල් කාන්දුවීම් සිදුවී ඇති අතර අලුත්වැඩියා කිරීම් සඳහා යොදාගැනෙන නළ මාර්ග දෙකෙන් එකක් නඩත්තු කටයුතු අවසන් වන තුරු වසා තැබීමට සිදුවී ඇත.

කොළඹ මහවත්ත හා ඔරුගොඩවත්ත දුම්රිය ගේට්ටුව අසල ගුවන් පාලමට යටින් දුම්රිය මාර්ගයේද මේ තෙල් කාන්දුවීම් සිදුවී ඇති ස්ථාන වන අතර ඒ වනවිටත් කොළඹ වරායේ සිට අදාළ මාර්ගය ඔස්සේ නැවකින් තෙල් පොම්ප කරමින් සිටි බව තොග තෙල් පර්යන්ත සමාගමේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන මහතා කියයි.

සිද්ධිය සැලවූ සැණින් එහි පැමිණි අදාළ ආයතනයේ නඩත්තු ඒකකය වහාම නඩත්තු කටයුතු ආරම්භ කළ අතර ඒ වනවිටත් කාන්දු වෙමින් ගලායන තෙල් එකතුකරමින් සිටි ප්‍රදේශවාසීන් පිරිසක්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමටද එම අංශය පියවර ගත්හ.

මේ නළ මාර්ගය මීට වසර 50කටත් පෙර ඉදිකර ඇති බැවින් මෙවැනි තෙල් කාන්දුවීම් නිතර සිදුවන බවද පෙන්වා දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා ඛනිජතෙල් අමාත්‍යාංශය මේ වනවිටත් අලුතින් නළ මාර්ග එලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද මේ තෙල් කාන්දුව නිසා දුම්රිය ගමනාගමනයට බාධාවක් සිදුවෙතැයි සමහරුන් කටකතා පතුරුවන අතර එවැනි බාධාවකට කිසිදු ඉඩක් නැතැයි ද කීහ.

 

ඉන්ධන එකතුකරන ප්‍රදේශවාසීන්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා