රජ රට වැව් පිරෙයි

රජ රට වැව් පිරෙයි

නියඟය හේතුවෙන් සිඳීගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් 50% මේ වන විට ජලයෙන් පිරී පවතින බව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ලිලින්ද අල්විස් මහතා සඳහන් කරයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි මධ්‍ය පරිමාණ වැව් අතුරින් ඒරුවැවේ වාන් දොරටු හයක් (06) අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

මැදවච්චිය, කිරිදිවත්ත, රලපනාව, මහලිදවැව, වඩිගවැව, වහ ගහපු වැව, කීරික්කුලම සහ පරිමාණ වැව් සියල්ලම මේ වන විට පිටාර ගලන්නට පටන් ගෙන ඇතැයිද අල්විස් මහතා පැවසීය. මේ අතර මහා පරිමාණ ජලාශවල ජලධාරිතාවද සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බවද හෙතෙම සඳහන් කරයි.

මේ කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම් සිදු කළද ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීම ගොවීන්ගේ යුතුකමක් බවද ලලින්ද අල්විස් මහතා ප්‍රකාශ කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ජලාශ වලද ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ කර්යාලීය සංඛ්‍යාලේඛන වලින් සනාථ වේ.

දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ජලාශ අතුරින් නාච්චාදූව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 24200 දක්වා ඉහළ ගොස් තිබේ. එහි වපසරිය අක්කර අඩි 45150කි. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය 40% කි. නුවර වැවේ මුළු ජලධාරිතාව අක්කර අඩි 36050 වන අතර දැනට අක්කර අඩි 13660 ක ජල ධාරිතාවක් පවතී.

වාහල්කඩ මුළු ජලධාරිතාව අක්කර අඩි 43000ක් වන අතර දැනට පිරී ඇත්තේ අක්කර අඩි 28580කි. ප්‍රතිශතය 65% කි. මහවිලච්චිය ජලාශයේ මුළු ධාරිතාව අක්කර අඩි 32500 වන අතර දැනට 23750ක ජල ධාරිතාවක් පවතී. හුරුළුවැවෙහි මුළු ධාරිතාව 55000ක් වන අතර දැනට අක්කර අඩි 9450 ජල ධාරිතාවක් පවතී. ප්‍රතිශතය 12% කි.

කනදරාව ජලාශයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 36290 වන අතර 10800 ජල ධාරිතාවක් මේ වනවිට පවතී. ප්‍රතිශතය 30% කි. තිසාවැවේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 3500 වන අතර වැසි හේතුවෙන් දැනට 1735 ජල ධාරිතාවක් පවතී. ප්‍රතිශතයක් ලෙස ගත් කල එය 50% කි. රාජාංගණය ජලාශයේ මුළු ධාරිතාව 81603 ක් වන අතර දැනට 54385 ක් දක්වා ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

ප්‍රතිශතයක් ලෙස එය 65% කි. අංගමුව මුළු ධාරිතාව 14400 වන අතර මේ වනවිට 12700 ක ජල ධාරිතාවක් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 90% කි. තුරුවිල මුළු ජලධාරිතාව 8157 කි. මේ වන විට අක්කර අඩි 600 ධාරිතාවක් ඇත. ප්‍රතිශතයක් ලෙස 80% ක අගයක් ගනී. දැනටමත් නොකඩවා වැසි ඇද හැලෙන හෙයින් මෙම තත්ත්වය වෙනස් විය හැකි බව වාරිමාර්ග අංශ සඳහන් කරයි.52

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා