විපතට පත් ජනයාට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

විපතට පත් ජනයාට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

මහවැසි හා සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත විපතට පත්ව ඇති ජනතාව සඳහා කඩිනම් සහන ලබාදීමට තමා වෙත ලබා දුන් නියෝගය මත අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇතැයිද ඇමැති අමරවීර මහතා කීය.

ගංවතුර, සුළං, ඉවුරු කඩාවැටීම් ඇතුළු විපත්වලින් හානියට පත් නිවාසවල ජනතාව සඳහා පහසුකම් ලබාදීමට රජය කටයුතු කැර ඇත. ඒ අනුව වියළි ආහාර ඇතුළු ආහාරපාන දිස්ත්‍රික් ලේකම්වරු හරහා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දී ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය. අවතැන්වූවන්, පාසල් ඇතුළු පොදු ස්ථානවල රඳවා තැබීමට ද පියවර ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා