උතුරු මැද කුඹුරු අක්කර ලක්ෂ 2ක් නොමිලේ සී සෑමට ට්‍රැක්ටර් 300ක්‍

උතුරු මැද කුඹුරු අක්කර ලක්ෂ 2ක් නොමිලේ සී සෑමට ට්‍රැක්ටර් 300ක්‍

පසුගිය යල කන්නයේ පැවැති දැඩි නියඟයෙන් විනාශ වී ගිය උතුරු මැද පළාතේ කුඹුරු අක්කර දෙලක්ෂ තිස්තුන් දහසක් මේ මාස් කන්නයේ නොමිලේ සී සා දීමට ට්‍රැක්ටර් තුන්සියයක් යොදවා තිබේ.

උතුරු මැද පළාතේ ගොවීහු ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ සී සෑම ඇරඹූ බව ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කුඹුරු විනාශ වූ ගොවියන් සඳහා බිත්තර වී බුසල් තුන් ලක්ෂ අසූ පන් දහසක් බෙදාදීමට ද නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා