මුද්‍රණය සඳහා

 
මහ දවාලේ ලක්ෂයක් වටිනා රන්මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පලා ගිහින්

මහ දවාලේ ලක්ෂයක් වටිනා රන්මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පලා ගිහින්

කළුතර වස්කඩුව නුගගොඩ වත්තේදී ප.ව. 1.30 ට පමණ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කඩාගත් යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු පලා ගොස් ඇතැයි වාද්දුව පොලිසියට පැමිණිල්ලක් යොමු කොට ඇත.

නුගගොඩ පිහිටි තම පුතාට අයත් වෙළෙඳ සලේ සිට බඩු මල්ලක්ද රැගෙන තම නිවෙස බලා තනිවම පයින් ගමන් කර සිටි මෙම මහලු මවගේ ගෙල බැඳි පවුම් 1ක පමණ වටිනාකමක් ඇති රන්මාලය හදිසියේ ඉදිරිපසින් යතුරු පැදියකින් පැමිණි වයස 30ක පමණ පෙනුමැති තරුණයින් දෙදෙනෙකු “ඇන්ටි පොඩ්ඩක් ඔහොම ඉන්න” යනුවෙන් පවසා යතුරු පැදියෙන් බිමට බැස තමා වෙතට සෙමින් සෙමින් පැමිණ ඇති අතර ඔහු එක්වරම කාන්තාවගේ ගෙල බැඳි රත්‍රන් මාලය කඩා ගෙන ක්‍ෂණිකව යතුරුපැදියේ නැගී දෙදෙනාම පලා ගොස් ඇතැයි වාර්තා වේ.

රන් මාලයේ වටිනාකම රු. ලක්ෂයකට වැඩි යයි සඳහන්ය. වාද්දුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]