මුද්‍රණය සඳහා

 
ගම්පහ සමූපෙන් ණය අරන් නොගෙවූ 12ක් අධිකරණයට

ගම්පහ සමූපෙන් ණය අරන් නොගෙවූ 12ක් අධිකරණයට

සමුපකාර ග්‍රාමීය බැංකු මගින් ආපසු ගෙවීමේ පදනම මත ණය ලබාගෙන ගෙවීම් පැහැර හැරි ගම්පහ දිසාවේ පුද්ගලයන් 12 කු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ණය මුදලේ වාරික ගම්පහ අධිකරණයෙහි තැන්පත් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෂෙහාන් ඉන්දික අත්තනායක මහතා නියෝග කෙළේය.

ඒ අනුව එක් එක් පුද්ගලයන් ලබාගත් ණය මුදල අනුව වාරික ලෙස රුපියල් 10,000, 15,000, 25,000 ආදී වශයෙන් 12 කු රුපියල් 1,10,000 ක මුදලක් අධිකරණයෙහි තැන්පත් කළහ.

පැමිණිල්ල වෙනුවෙන් සමුපකාර අංශයේ නීති නිලධාරිනියන් අධිකරණයෙහි පෙනී සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]