|
||||
මාතලේ රාජ්‍යසේවා ක්‍රීඩා ශූරතාව මාතලේ පොලිසිය දිනා ගනීමාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උලෙළේ සමස්ත ක්‍රීඩා ශූරතාව දිනාගැනීමට මාතලේ පොලිස් ක්‍රීඩා පිල සමත්විය. සමස්ත ක්‍රීඩා උලෙළේ ඔවුන් ලකුණු 75ක් රැස්කළ අතර ලකුණු 25බැගින් ලබාගත් මාතලේ නගරසභාව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිල සමත් විය. මලල ක්‍රීඩා සමස්ත පිරිමි ශූරතාව මාතලේ පොලිස් කණ්ඩායමටත්, සමස්ත කාන්තා ශූරතාව යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායමටත් හිමිවිය. මේ ක්‍රීඩා උලෙළේ වොලිබෝල් කාන්තා සහ පිරිමි ශූරතා සහ නෙට්බෝල් ශූරතා අත්කරගැනීමට මාතලේ පොලිස් ක්‍රීඩා පිල සමත්වීම විශේෂ සිදුවීමකි. දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙස මාතලේ පොලිස් පිලේ එස්.බී.ඒකනායක සම්මාන දිනූ අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලයීය කණ්ඩායමේ විශාඛා දමයන්ති සමත්වූවාය. දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස මාතලේ පොලිස් ක්‍රීඩා පිලේ නාලිකා විජේසිංහ සම්මාන දිනාගත්තාය. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීයිය කණ්ඩායම ක්‍රිකට් ශූරතාව හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම කණ්ඩායමේ එච්.එම්.පී.ජී. සූරියබණ්ඩාර සම්මාන ලැබීය. එල්ලේ පිරිමි ශූරතාව දිනාගැනීමට මාතලේ මහනගරසභා පිල සමත්විය. දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම කණ්ඩායමේ පී.මනෝහරන් සම්මාන දිනූ අතර කාන්තා ශූරතාව දිනූ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායමේ කුමුදු රංජනී සම්මාන දිනාගත්තාය. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සමාප්ති උලෙළ සහ ජය සංකේත ප්‍රදානය මාතලේ දිසා ලේකම් හෙලන් ඒ.මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය. අවුරුදු 35න් ඉහළ පිරිමි- පී.ජී.එස්.එස්.කේ.රංජිත් (පල්ලේපොළ ප්‍රා.ලේ.පිල), කාන්තා - එච්.ඩී.ප්‍රියංගිකා දමයන්ති (යටවත්ත ප්‍රා.ලේ.පිල), අවුරුදු 35 – 40 අතර පිරිමි - සී.බී.විජේකෝන් (උකුවෙල ප්‍රා.ලේ.පිල), කාන්තා - ඒ.ජී.එන්.පී.ධර්මදාස (සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය පිල), අවුරුදු 40 – 45 අතර පිරිමි - කේ.පී.එස්.පී. විජේරත්න ( විල්ගමුව ප්‍රා.ලේ.පිල), කාන්තා - කුසුමලතා දිසානායක ( රත්තොට ප්‍රා.ලේ.පිල), අවුරුදු 45 – 50 අතර පිරිමි - සමන් කරුණාරත්න ( නාඋල ප්‍රා.ලේ. පිල), කාන්තා - නාලිකා විජේසිංහ ( මාතලේ පොලිසිය), අවුරුදු 50 – 55 අතර පිරිමි - සොලමන් ඩයස් බණ්ඩාරනායක ( මාතලේ මහනගර සභාව ), කාන්තා - ඒ.එම්.කේ.පී.කේ. අතපත්තු ( නාඋල ප්‍රා.ලේ.පිල), අවුරුදු 55 -60 අතර පිරිමි - ඒ.විලියම් (මාතලේ මහනගර සභාව), කාන්තා - ඩී.එම්. දසනායක ( මාතලේ මහනගර සභාව) |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |