මියන්මාරයේ වාර්ගික ගැටුම් හේතුවෙන් ගිනිකොන දිග ආසියාවම අස්ථාවර විය හැකියි

මියන්මාරයේ වාර්ගික ගැටුම් හේතුවෙන්
ගිනිකොන දිග ආසියාවම අස්ථාවර විය හැකියි

 - ආසියාන් සංවිධානයේ මහ ලේකම්

මියන්මාරයේ වාර්ගික ගැටුම් හේතුවෙන් ගිනිකොන දිග ආසියාවම අස්ථාවර විය හැකි බවට ආසියාන් සංවිධානයේ මහ ලේකම් සුරින් පිට්සුවාන් පවසයි. මෙම ගැටුම් හේතුවෙන් මුස්ලිම් රොහින්ග්යාවරුන් විප්ලවකාරින් බවට පත්වනු ඇතැයි ඔහු පවසයි.

මේ මාසය ඇතුළත රොහින්ග්යාවරුන් සහ බෞද්ධයන් අතර ඇතිවු ගැටුම් වලින් පුද්ගලයන් 88 දෙනෙකුට වැඩි පිරිසක් මිගොස් ඇති අතර අවතැන්වු සංඛ්‍යාව 26 000 කට අධිකය.

ඉන්දියාව සහ පැසිෆික් සාගරය අතර ප්‍රධාන නැව් මාර්ගය වැටී ඇති මලක්කා සමුද්‍ර සන්ධියටද මෙමගින් බලපෑම් සිදුවනු ඇතැයි ඔහු වැඩි දුරටත් කියයි. මියන්මාරයට මානුෂවාදි ආධාර සැපයිමට ආසියාන් සංවිධානය සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා