තුර්කි පාගමන තහනම්

තුර්කි පාගමන තහනම්

ඇන්කරා හි දි -ඒ - එෆ් - පී

තුර්කියේ ජනරජ දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් පොලිසිය විසින් විසුරුවා හැර තිබේ. එය තුර්කි ඉස්ලාමිය රජය විසින් තහනම් කර තිබූ බව පොලිසිය පවසයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර උපයෝගි කරගෙන තිබේ.

විරෝධතාකරුවන් සම්පූර්ණයෙන් නිදහස් තුර්කියක් වෙනුවෙන් හඬ නඟා ඇති අතර තුර්කි ජනරජයේ පුරෝගාමියා වූ මුස්ටෆා කෙමාල් ගේ බළකාය බවට ඔවුහු සටන් පාඨ කියා තිබේ.

මෙම ගැටුම්කාරි තත්ත්වය උද්ගතවි ඇත්තේ පොලිස් මාර්ග බාධක පෙරළා දමමින් විරෝධතා කරුවන් ඉදිරියට යාමට තැත් කළ අවස්ථාවේ දී බව තුර්කි මාධ්‍ය පවසයි. ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිවිය හැකි බවට බුද්ධි අංශ තොරතුරු සපයා තිබු හෙයින් මෙම පා ගමන තහනම් කළ බව ඇන්කරා ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.

තුර්කියේ ජනරජ දිනය රජයට එරෙහි වේදිකාවක් කර ගැනිමට මෑතක සිට තුර්කි විරුද්ධ පක්ෂ අරඅඳිමින් සිටින බවට රජය චෝදනා කරයි. තුර්කි ජනරජය පිහිටුවන ලද්දේ 1923 ඔක්තෝම්බර් 29 වෙනිදායි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා