සිරියාවත් නව සෝමාලියාවක් වේවි

සිරියාවත් නව සෝමාලියාවක් වේවි

- නොබෙල් සාම ත්‍යාගලාභී ජෝස් රමෝස් හෝටා

සිරියාව නව සෝමාලියාවක් බවට පතිවනු ඇතැයි නොබෙල් සාම ත්‍යාගලාභී ජෝස් රමෝස් - හෝටා පෙරේදා අනතුරු අඟවා තිබිණි. 35000 කට මරු කැඳවමින් මාස 19 කට අධික කාලයක් පුරා දිග්ගැස්සී ඇති සිරියාලේ වැගිරීමේ අරගලයට විසඳුමක් පේන තෙක් මානයේ නැති බව ඔහු කියයි.

නැගෙනහිර ටිමෝරයට නිදහස දිනා දිමට සහාය දුන් මොහු පවසන්නේ සිරියන් කැරැලිකරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් නැති බවත් ජනාධිපති බෂා අල් - අසාද් සටන් කරන්නේ තමාගේ සහ තම පරපුරේ පැවැත්මට බවත්ය.

සිරියන් අරගලය දැන් සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වී ඇති බව පවසන මොහු ඊට උවමනාවට ඩැඩි තරම් බාහිර බලපෑම් ද ඇතැයි කියයි. ඔහු මෙම අදහස් පළකර ඇත්තේ ඇමෙරිකාවේ සංචාරයක යෙදුන අවස්ථාවේ දී යි.

සිරියාවේ වෙනසක් සිදුවිය හැක්කේ හමුදාවේ මැදිහත් විමකින් පමණක් බව ඔහුගේ අදහසයි. සිරියන් අර්බුදය විසඳිමට අරාබිකරයේ රටවල් ප්‍රමාණවත් තරම් මැදිහත් වී නැති බවටද ඔහු චෝදනා කර ඇත. ඇමෙරිකාවේ ආසියා සංගමයේ ඔහු පැවැත්වීමට නිමිතව තිබු ප්‍රසිද්ධ දේශනය සැන්ඩි සුළි කුණාටුව හ්තුවෙන් පැනනැග ඇති තත්ත්වය මත අවලංගු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා