ස්පේස් එක්ස් කැප්සියුලය ආරක්ෂා සහිතව පැසිෆික් සාගරයට පතිත වෙයි

ස්පේස් එක්ස් කැප්සියුලය ආරක්ෂා සහිතව පැසිෆික් සාගරයට පතිත වෙයි

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය මිනිසුන් රහිත ස්පේස් එක්ස් කැප්සියුලය ආරක්ෂා සහිතව පැසිෆික් සාගරයට පතිත වී ඇත. කිමිදුම්කරුවන් කණ්ඩායමක් දැන් එය ගොඩගනිමින් සිටි එම කැප්සියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටයවනලද්දේසැපයුම් ද්‍රව්‍ය තොග රැගෙනයි .මෙම කැප්සියුලය නිම කළේ 18 දින චාරිකාවකි.

මෙම චාරිකාව ස්පේස් එක්ස් ධුත මෙහෙවරේ ප්‍රථම ගමනයි .නාසා ආයතනය විසින් මෙම ව්‍යාපාතිය යටතේ චාරිකා 12ක් සැලසුම් කර තිබේ. ව්‍යාපාතිය වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1 .6 කි.

මෙය අජටාකාශ කරමාන්තය පෞද්ගලීකරණය කිරිමේ ඇමෙරිකන් ප්‍රයතත්නයේ කඩ ඉමක් ලෙස සැලකේ. ස්පේස් එක්ස් මීළඟ චාරිකාව 2013 ජනවාරියේදි සිදුකිරිමට සැලසුම් කර තිබේ. මීළඟ වසර තුන ඇතුළත මිනිසුන් සහිත යානයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යැවිමට ද නාසා ආයතනය බලාපොරොත්තු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා