අවසන් එක්දින තරගය ජයපරාජයක් නෑ

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංගගේ අර්ධ ශතකයේ වටිනාකම ‍‍සෝදා හරිමින් ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට . . .

විස්තර»


රටට නිදහස ලබා දී මිය යාමත් සැපකි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 නොවැම්බර් 10 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක සදාචාරයට යටත් වෙයි

ගෝල්ඩන් කී නඩුවත් අගවිනිසුරුගෙන් ඉවතට
පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව කියයි

අගවිනිසුරුවරියට එරෙහිව ප්‍රබල ජන මතයක්

මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළ මුල්‍ය වංචා සහ විසම පැවැත්ම හේතුවෙන් දෝෂාභියෝග චෝදනාවට ලක් වූ අගවිනිසුරු ආචාර්ය ශිරානී බණ්ඩාරනායක මහත්මිය, ශ්‍රේෂ්ඨාධිකර‍ණයේ සමහර නඩු විභාග කිරීමෙන් ඊයේ ඉවත් වූවාය. අගවිනිසුරුවරියට ‍එරෙහිව එල්ලවී ඇති චෝදනාවලට අනුව එබදු තීන්දුවක් ගන්නට ඇතැයි නීතිවේදීහු පෙන්වා දෙති. රටක නීතිය හා සදාචාරය අතර ගැඹුරු සම්බන්ධතාවක් ඇතැ’යි පැහැදිලි කරන නීති විශාරදයෝ දෝෂාභියෝග /චෝදනා එල්ලවී තිබියදීත් විනිශ්චය ආසනයක සිට රටට සම්බන්ධ තීරණාත්මක නඩු විභාග කිරීම අතිශය සදාචාර විරෝධී යැයි පෙන්වා දෙති.

විස්තර»

දීපාවලි උළෙලට සුබපැතුම්

ජනවර්ගවල සහජීවනයට ආලෝකය පතුරුවනවා

සියලු ජන කොටස් අතර වඩා පුළුල් දැනුමක් ඇති කිරීමේ අවස්ථාව සහ ජනවර්ගයන් අතර සහජීවනය වර්ධනය කිරීමට මෙන්ම දිගු කලක් පුරා ජනවර්ගයන් දුරස් කළ විෂමතා දුරලීම සඳහා දීපාවලි උළෙලින් ආලෝකයක් පතුරුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මේ ශ්‍රේෂ්ඨ උළෙල සැමරීම සඳහා ලොව පුරා වෙසෙන බැතිමතුන් සමඟ ශ්‍රී ලාංකීය හින්දු ජනතාව එක්වන බව පවසන ජනාධිපතිවරයා දීපාවලි උළෙල වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ ද සඳහන් කරයි.

විස්තර»

අසත්‍ය දුරලා සත්‍ය දල්වාලමු

දීපාවලි දිනයෙහි සැබෑ අරුත වන්නේ අසත්‍යය දුරැලා සත්‍යය දල්වාලීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදට (13) යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේද දක්වා තිබේ. අධර්මිෂ්ඨ අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකය දල්වාලීම නිමිතිකොට ගෙන පහන් මාලාවක් දල්වමින් දීපවාලී දිනය සැමරීම හින්දු බැතිමතුන්ගේ හා ජෛන බැතිමතුන්ගේ සිරිතකි.

විස්තර»

ජනපති ජන්ම දිනය සමරා රටපුරා පිරිත් සජ්ඣායනා

මේ මස 19 වෙනිදාට යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති පදවිප්‍රාප්ති සැමරුම හා එතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙන්ම රජයට, රටට, ජනතාවට හා ආරක්ෂක අංශවලට සෙත් පතා සති පිරිත් සජ්ඣායනා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. උතුරු - නැඟෙනහිර පළාත් ද ඇතුළත්ව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිද්දෙන් මේ විශේෂ සති පිරිත් සජ්ඣායනා පින්කම් මාලාව පැවැත්වේ. ඒ අනුව සියලුම දිස්ත්‍රික්කයන්හි තෝරාගත් වෙහෙර විහාරස්ථානයන්හි මේ සති පිරිත් සජ්ඣායනා පින්කම් මාලාව පවත්වනු ලබයි.

විස්තර»

වතුපිටිවල හැටදෙහැවිරිදි කතක කපා කොටා මරා දමලා

අවු 1½ක සිඟිත්තා ලේ තවරාගෙන ඒ මේ අත දුවයි

බරපතළ තුවාල ලත් සැමියා රෝහලට

වතුපිටිවල උනගහදෙණියේ නිවෙසක විසූ යුවළක් ඊයේ(12) දහවල් කිසියම් පිරිසක් විසින් කපාකොටා දැමීමෙන් බිරිය එතැනම මියගොස් සිටි බවත් බරපතළ තත්ත්වයේ පසුවූ සැමියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් නිට්ටඹුව පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඩබ්ලියු.ආර්. ස්වර්ණාවතී (62) මහත්මිය බවට හඳුනාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයකු වූ එච්.එම්. වික්‍රමරත්න (65) මහතා ය.

විස්තර»

තෙවැනි අභිමංසලට රුපියල් කෝටි 25ක්

පූර්ණ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ‘අභිමංසල’ තෙවන අදියර සඳහා රුපියල් කෝටි 25කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා ‘දිනමිණ’ ට පැවසීය.  මේ ඉදි කිරීම් සඳහා ආයතනික වශයෙන් හෝ පෞද්ගලිකව යුද හමුදාව වෙත ආධාර ලබා දිය හැකි බවත් ඒ සඳහා යුද හමුදාපතිවරයා දානපතියන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

විස්තර»

ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් අද (13) පහන් ආලෝකයේ ආශිර්වාදය ලබා ගනිමින් මෙලෙස දීපාවලි උත්සවය සමරන්නේ ඔවුන්ගේ උතුම් ආගමික හා සංස්කෘතික මහා මංගල්‍යයක් ලෙසිනි.

 

 

වැරැදිවලට දඬුවම් ලද මිනිසුන් හරි මඟ යැවීම
පහසු නොවේ කළු ගල් වැනි සිත් මුදු මල් පෙති කිරීම
සතුරන්ගේ පිළිවෙත වෙයි පිරුවටයට මඩ ගැසීම
අපේ පැතුම සම්මා දිට්ඨියෙන් යුතුව ලොව දැකීම