අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක සදාචාරයට යටත් වෙයි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක සදාචාරයට යටත් වෙයි

ගෝල්ඩන් කී නඩුවත් අගවිනිසුරුගෙන් ඉවතට
පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව කියයි

අගවිනිසුරුවරියට එරෙහිව ප්‍රබල ජන මතයක්

මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළ මුල්‍ය වංචා සහ විසම පැවැත්ම හේතුවෙන් දෝෂාභියෝග චෝදනාවට ලක් වූ අගවිනිසුරු ආචාර්ය ශිරානී බණ්ඩාරනායක මහත්මිය, ශ්‍රේෂ්ඨාධිකර‍ණයේ සමහර නඩු විභාග කිරීමෙන් ඊයේ ඉවත් වූවාය. අගවිනිසුරුවරියට ‍එරෙහිව එල්ලවී ඇති චෝදනාවලට අනුව එබදු තීන්දුවක් ගන්නට ඇතැයි නීතිවේදීහු පෙන්වා දෙති.

රටක නීතිය හා සදාචාරය අතර ගැඹුරු සම්බන්ධතාවක් ඇතැ’යි පැහැදිලි කරන නීති විශාරදයෝ දෝෂාභියෝග /චෝදනා එල්ලවී තිබියදීත් විනිශ්චය ආසනයක සිට රටට සම්බන්ධ තීරණාත්මක නඩු විභාග කිරීම අතිශය සදාචාර විරෝධී යැයි පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අගවිනිසුරුතුමියට එරෙහිව ප්‍රබල මහජන මතයක් ද ගොඩනැගී තිබිණි.

මූල්‍ය වංචා සහ විෂම පැවැත්ම ඇතුළු චෝදනා මත දෝෂාභියෝගයට ලක්ව සිටියදී නඩු විභාග කිරීම සදාචාර විරෝධී බවට මත පළවීමත් සමඟ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් නඩුව ඇතුළු නඩු කිහිපයක් විභාග කිරීමෙන් අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය ඊයේ (12) ඉවත් විය.

දෝෂාභියෝග චෝදනාවලට ඇතුළත්ව තිබෙන F/R191/09 දරන ගේල්ඩන් කී නඩුවද මෙම නඩු කිහිපය අතරට අයත් වේ.

දෝෂාභියෝග චෝදනා එල්ලවී එය විභාග කිරීමට තේරීම් කාරක සභාවක් පත් කර තිබියදීත් තනතුරෙහි රැඳී සිටිමින් දිගින් දිගටම නඩු විභාගයට ගැනීම සදාචාරාත්මක නොවන බවට විද්වතුන් මත පළ කර තිබූ අතර සමාජයේද දැඩි කථා බහකටද ලක්ව තිබිණි.

ඒ සම්බන්ධව මාධ්‍ය මගින්ද වාර්තා ඉදිරිපත් විය.

ඒ අනුව තීන්දුවක් ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල්තබා තිබූ ගෝල්ඩන් කී නඩුව F/R191/09සහ සෙලින්කෝ ශ්‍රී රාම් නඩු 3 ක් F/R262/09, F/R263/09 F/R265/09 ඊයේ (12) කැඳවන ලෙස අගවිනිසුරුවරිය ඉකුත් 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීන්ට නියම කර තිබුණාය.

එම පෙත්සම් අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, කේ.ශ්‍රී පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ, විනිසුරු මඩුල්ල ඉදිරියෙහි ඊයේ (12) කැඳවන ලදී.

ඒ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ අගවිනිසුරුවරිය තමා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව සඳහන් කළාය.

ඒ අනුව මෙම පෙත්සම් නිමල් ගාමිණී අමරතුංග, කේ.ශ්‍රී පවන්, සත්‍යා හෙට්ටිගේ යන විනිසුරු මඩුල්ල ඉදිරියෙහි දෙසැම්බර් මස 04 වැනිදා කැඳවීමට නියම විය.05

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා