|
||||
අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය සාකච්ඡාවට විපක්ෂ සමාජිකයන් නම් කරයි
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව සාකච්ඡා කිරීමට පත් කරන තේරීම් කාරක සභාවට විපක්ෂය පත්කරන සමාජිකයන් 4 ඊයේ(12) නම් කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සංධානයේ ආර්. සම්බන්ධන්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ විජිත හේරත් යන මන්ත්‍රීවරු මේ තේරීම් කාරක සභාවට නම් කර ඇත. මේ සාමාජිකයන්ගේ නම් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඊයේ (12) දැනුම් දී ඇත. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |