|
||||
දීපාවලි උළෙලට සුබපැතුම් ජනවර්ගවල සහජීවනයට ආලෝකය පතුරුවනවාසියලු ජන කොටස් අතර වඩා පුළුල් දැනුමක් ඇති කිරීමේ අවස්ථාව සහ ජනවර්ගයන් අතර සහජීවනය වර්ධනය කිරීමට මෙන්ම දිගු කලක් පුරා ජනවර්ගයන් දුරස් කළ විෂමතා දුරලීම සඳහා දීපාවලි උළෙලින් ආලෝකයක් පතුරුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මේ ශ්‍රේෂ්ඨ උළෙල සැමරීම සඳහා ලොව පුරා වෙසෙන බැතිමතුන් සමඟ ශ්‍රී ලාංකීය හින්දු ජනතාව එක්වන බව පවසන ජනාධිපතිවරයා දීපාවලි උළෙල වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ ද සඳහන් කරයි. හින්දු සම්ප්‍රදායේ අධ්‍යාත්මික සාරවත්භාවය පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ආලෝකයේ උළෙල ලෙස හැඳින්වෙන දීපාවලිය විශේෂ වැදගත්කමක් උසුලයි. එය නපුර පරදා යහපත විජයග්‍රහණය කිරීම හා මානව වර්ගයාගේ සදාතනික ගවේෂණයක් වූ මෝහයේ අඳුර පරයා දැනුමේ ආලෝකය උදාවීම සංකේතවත් කරයි. හින්දු ධර්මයේ සම්ප්‍රදායන්ට හා ශ්‍රේෂ්ඨ ධාර්මික හරයන්ට අනුකූලව වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් වූ මිනිසුන්ගේ නිරන්තර අරගලයේ දී ළඟා කරගත් දියුණුව ද ඉන් පෙන්නුම් කෙරේ. ආලෝකයේ දීප්තියෙන් පිරි දීපවාලි සැමරුම හින්දු ඉගැන්වීම් රැක ගන්නා හින්දු බැතිමතුන් අතර ප්‍රමෝදයේ පණිවුඩය පතුරුවනු ඇත. එමෙන්ම එය බෙදා හදා ගැනීමේ ජීව ගුණය තුළින් සාමයේ හා සන්සුන්භාවයේ බලාපොරොත්තු ජනිත කරයි. සියලු හින්දු භක්තිකයන්ට සතුට හා සාමයෙන් පිරි දීපාවලී උළෙලක් පතමි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |