|
||||
අසත්‍ය දුරලා සත්‍ය දල්වාලමුදීපාවලි දිනයෙහි සැබෑ අරුත වන්නේ අසත්‍යය දුරැලා සත්‍යය දල්වාලීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදට (13) යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේද දක්වා තිබේ. අධර්මිෂ්ඨ අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකය දල්වාලීම නිමිතිකොට ගෙන පහන් මාලාවක් දල්වමින් දීපවාලී දිනය සැමරීම හින්දු බැතිමතුන්ගේ හා ජෛන බැතිමතුන්ගේ සිරිතකි. දීපාවලී දිනයෙහි සැබෑ අරුත වන්නේ අසත්‍යය දුරැලා සත්‍යය දල්වාලීමයි. ක්‍රෝදය දුරැලා සෙනෙහස දල්වාලීමයී. පරාධීනත්වය දුරැලා ස්වාධීනත්වය දල්වාලීමයි. නපුර දුරැලා යහපත දල්වාලීමයි. සකළ සිත් සැනසෙන, මනුෂ්‍යත්වය රජවන, යහපාලනය සුරැකෙන පරිසරයක් ලොව පුරා උදා කළ හැක්කේ එවිටය. ඒ අරමුණ හදැතිව අද දින දීපවාලී සමරන සැමටම මාගේ සුබ පැතුම් පිරිනමන්නෙමි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |