ජනපති ජන්ම දිනය සමරා රටපුරා පිරිත් සජ්ඣායනා දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ජනපති ජන්ම දිනය සමරා රටපුරා පිරිත් සජ්ඣායනා

මේ මස 19 වෙනිදාට යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති පදවිප්‍රාප්ති සැමරුම හා එතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙන්ම රජයට, රටට, ජනතාවට හා ආරක්ෂක අංශවලට සෙත් පතා සති පිරිත් සජ්ඣායනා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

උතුරු - නැඟෙනහිර පළාත් ද ඇතුළත්ව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිද්දෙන් මේ විශේෂ සති පිරිත් සජ්ඣායනා පින්කම් මාලාව පැවැත්වේ. ඒ අනුව සියලුම දිස්ත්‍රික්කයන්හි තෝරාගත් වෙහෙර විහාරස්ථානයන්හි මේ සති පිරිත් සජ්ඣායනා පින්කම් මාලාව පවත්වනු ලබයි.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස මෙන්ම කඩුවෙල බෝමිරිය ගනේවත්ත රජමහා විහාරය, ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ මහ පිරිවෙන, අලුත්ගම කන්දෙ විහාරය, හුංගම හානාගල ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙන, නාගදීප විහාරය, වවුනියාව, මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙන, අම්පාර විද්‍යානන්ද මහ පිරිවෙන, ගෝමරන්කඩවල රතනජෝති මහ පිරිවෙන, නාරම්මල දම්පැලැස්ස විද්‍යාර්ථලංකාර මහපිරිවෙන,ආනමඩුව මඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය, රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රය හා දැදිගම කොටවෙහෙර රජමහා විහාරය යන ස්ථානයන්හී ලබන 12 වෙනිදා සිට 18 වෙනිදා දින දක්වා සති පිරිත් සජ්ඣායනයක් සිදු කෙරෙන අතර 19 වෙනිදා මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

මෙන්ම මහනුවර - ශ්‍රී දළදා මාලිගාව, මාතලේ අලු විහාරය, හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙන, උණවටුන යටගල හෙට්ටාවල පිරිවෙන, මාතර වෙහෙරහේන රජමහා විහාරය, තලෙයිමන්නාරම ශ්‍රී වාලුකාරාම විහාරය, මුලතිව් වට්ටුවක්කාල් ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය හා කිළිනොච්චිය ලුම්බිණි විහාරය යන විහාරයන්හි පැවැත්වෙන්නේ තිස් පෑ පිරිත් සජ්ඣායනයකි.

මඩකලපුව මංගලාරාමය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බෝධි පූජාමය පින්කමක් හා ධර්මානුශාසනාවක් ද පැවැත්වෙන අතර, නුවරඑළිය හා මාතර දිස්ත්‍රික්කයන්හි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තිස් පෑ පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වේ.

දිවයින පුරා සංවිධානය කර ඇති පින්කම් මාලාවට සමගාමීව ජනාධිපති මන්දිරයේදී මේ මස 18 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර, පසුදා මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ සංවිධායකත්වයෙනි.

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම නිමාකර ශ්‍රී ලංකාව නිදහස් නිවහල් දේශයක් බවට පත්ව ඇති මේ මොහොතේ රටම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළට ආශිර්වාද ලබා ගැනීමත් මේ පින්කම් මාලාවේ තවත් එක් අරමුණකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා