තෙවැනි අභිමංසලට රුපියල් කෝටි 25ක් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

තෙවැනි අභිමංසලට රුපියල් කෝටි 25ක්

පූර්ණ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ‘අභිමංසල’ තෙවන අදියර සඳහා රුපියල් කෝටි 25කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා ‘දිනමිණ’ ට පැවසීය.

මේ ඉදි කිරීම් සඳහා ආයතනික වශයෙන් හෝ පෞද්ගලිකව යුද හමුදාව වෙත ආධාර ලබා දිය හැකි බවත් ඒ සඳහා යුද හමුදාපතිවරයා දානපතියන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

ලබන වසරේ ජනවාරි මාසයේ දී මේ ඉදි කිරීම් ආරම්භ කරන බවත් මේ වන විටත් මේ සඳහා ආධාර මුදල් ආයතන කිහිපයක් විසින් ලබාදී ඇති බවත් යුද හමුදාපතිවරයා පවසයි.

අභිමංසල ප්‍රථම ව්‍යාපෘතිය අනුරාධපුරදී ආරම්භ කෙරුණු අතර දෙවැනි අදියර මාතර විල්පිටවත්ත ප්‍රදේශයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත් සතියේ විවෘත කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා