ඩෙංගු සුව කිරීමට දේශීය ඖෂධයක් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ඩෙංගු සුව කිරීමට දේශීය ඖෂධයක්

මාරාන්තික ඩෙංගු රෝගය සුවකළ හැකි ඔසුවක් නාවින්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක් විසින් සොයාගෙන ඇත.

තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය විසින් සොයාගෙන ඇති මේ ඔසුව මගින් ඩෙංගු රෝගයේ අවස්ථා හතරම ඖෂධ මගින් සුවකළ හැකි බවද රජයේ වෛද්‍යවරුන් ඩෙංගු රෝගය බවට සනාථ කර ඇති දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝගීන් 42 දෙනෙකු මේ වනවිට සුවපත් කර ඇති බවද ඇය පැවැසුවාය.

මේ ඖෂධය ලබාදී දින දෙකක් තුළ ඩෙංගු රෝගීන් සුවපත් කළ හැකි බවද ඇය පවසයි. සොයාගත් මෙම ඖෂධය සඳහා දැනට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමටද ඉල්ලුම් කර ඇති අතර මේ ඖෂධය වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ වෛද්‍ය සභාව මගින් මෙයට අවශ්‍ය අනුමැතිය තවමත් නොලැබීම නිසා බවද ඇය කීවාය.

අම්බලන්ගොඩ අලුත්වල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන් ද්විතීයීක අධ්‍යාපනය ලබා තිබේ. උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ නාවින්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙනි.

විශ්‍රාමලත් විදුහල්පති සර්ප විෂ වෛද්‍ය ලාල් වික්‍රමසූරිය මහතාගේ දියණියක් වන තරංගා වික්‍රමසූරිය මහත්මිය අම්බලන්ගොඩ අලුත්වල පෙරුමානගොඩ පදිංචි වෛද්‍යවරියකි.

රුසියන් වෛද්‍යවරයකු රුපියල් මිලියන පහකට මෙම ඖෂධයේ අයිතිය ලබා ගැනීමට තමා සමඟ කතා කළද තමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද ඇය කීවාය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රවෘත්ති ලේකම් රුවන් කෝට්ටගේ මහතා සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා