|
||||
මේ වසරේ අවසන් සූර්යග්‍රහණය හෙටමේ වසරේ ඇතිවීමට නියමිත අවසන් සුර්යග්‍රහනය හෙට (14) සිදුවේ. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු1.08ට ඔස්ට්‍රේලියාව දෙසින් අර්ධ සූර්යග්‍රහණයක් සේ ඇරඹෙන මේ සූර්යග්‍රහණයේ අවසානය සිදුවනුයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.16ට දකුණු අමෙරිකාවේ පහළ කොටසිනි. පුර්ණ සුර්යග්‍රහනයක් වන මෙය ඔස්ට්‍රේලියාවට හා දකුණු පැසිපික් සාගරයට දිස් වුවද ශ්‍රී ලංකාවට දිස් නොවේ. පූර්ණ සුර්යග්‍රහනයේ උපරිම අවස්ථාව දකුණු පැසිපික් සාගර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 3.42ට ඇතිවන අතර එවිට සූර්යා විනාඩි 4යි තත්පර 2ක කාලයක් චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන් වැසී අදුරුව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |