ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා වාර්තා 2යි : නව තරග වාර්තා 5යි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

වේගවත්ම ක්‍රීඩකයා කළුතර විදුහ‍ලේ හිමාෂ හේෂාන්

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා වාර්තා 2යි : නව තරග වාර්තා 5යි

ආසියානු ශූර ප්‍රසන්නට ජාතික සංචිතය අහිමි වෙයි !

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තරගාවලියේ අතිශූර ක්‍රීඩකයාට හා අතිශූර ක්‍රිඩිකාවන්ට (සම ශූරතාව) කුසලානය පිරිනැමූ අයුරු. ඡායාරූප-වාසිත පටබැදිගේ

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාව දුටු 90 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 2ක් හා නව තරග වාර්තා 5ක් සටහන් වුණි.

මෙවර මලල ක්‍රීඩා ශූරතාවලියේ අතිශූර ක්‍රීඩකයාට පිරිනමණු ලැබූ විල්ටන් බාට්ලීට් කුසලානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එරංග දිනේෂ් ප්‍රනාන්දු හිමිකරගත් අතර අතිශූර ක්‍රීඩිකාවට පිරිනැමෙන කොළඹ සුබසාධක කමිටු කුසලානය ශ්‍රී ලංකා යුද හමුදාවේ චම්පිකා දිල්රුක්ෂිට හා ගුවන් හමුදාවේ එරංගා දුලක්ෂිට හිමිවිය.

එරංග දිනේෂ් තුන් පිම්ම ඉසව්ව මීටර් 16.37කින් නිමකර නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකළ අතර එරංගා දුලක්ෂි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් හා චමිපිකා දිල්රුක්ෂි මීටර් 800 ඉසව්වේ නව තරග වාර්තාවක් බිහි කිරීම හේතුවෙන් සම්මානයට පාත්‍ර වූහ‍.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කළුතර විද්‍යාලයේ 18හැවිරිදි හිමාෂ හේෂාන් (තත්.10.50) හා වේගවත්ම ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාවේ ජානි චතුරංගනී ද සිල්වා (තත්.11.85) කැපී පෙනෙන දස්කම් දැක්වූහ. හිමාෂ හේෂාන් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වු පළමු අවස්ථාවේදීම මෙලෙස ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

මේ අතර මීටර් 400 ඉසව්වේදී මෙතෙක් ඉදිරියෙන් සිටි ප්‍රසන්න අමරසේකර මේ තරගාවලියේදී පසු බැසීමට ලක්විය. ඔහු අවසන් පූර්ව තරගයේදී තත්.49.13කින් සිවුවැනි ස්ථානයට පත්වීම නිසා අවසන් ක්‍රීඩකයන් ‍අටදෙනා අතරට සුදුසුකම් නොලැබූහ.

මේ හේතුවෙන් වසර 2001 සිට ජාතික මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ සිටි ප්‍රසන්න සම්පත්ට එම සංචිතයේ රැදී සිටීමේ අවස්ථාව අහිමිවීමට සිදුවේ. ඔහු ආසියානු මට්ටමේ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට හිමිකර දුන් දක්ෂ ක්‍රීඩකයෙකි. මීටර් 400 පිරිමි ඉසව්වේ ජය ජී.ඒ.එම්.ගුණරත්න (තත්.47.26) හා කාන්තා ඉසව්වේ ජය චන්ද්‍රිකා සුභාෂිනී (තත්.54.63) දිනා ගත්හ.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැති දින තුනේදී වරින් වර වර්ෂාව පතිත වීමෙන් බාධා සිදුවුණ ද දක්ෂතා යහපත් මට්ටමක පැවැති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සටහන්කරු සමන් කුමාර මහතා 'දිනමිණ'ට පැවැසීය.

මීටර් 100 පිරිමි අවසන් තරගයේ ක්‍රීඩකයන් අට දෙනාම තත්පර11ට අඩු කාලයකදී තරගය අවසන් කිරීම ඉතිහාසයේ පළමුවරට සිදුවුවක් බව ඔහු පෙන්වා දෙයි.

එය අනාගත කෙටිදුර ක්‍රීඩාවේ සුබ පෙරනිමිති පහළ කිරීමක් බවද හෙතෙම පැවැසීය. මේ තරගාවලියේ දක්ෂතා පදනම් කරගෙන ලබන වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී මලල ක්‍රීඩා සංචිතය නම් කිරීමටද බලාපොරොත්තු වේ.

සමස්ත ශූරතා පිරිමි

උස පැනීම ශූරතාව- මංජුල කුමාර (මී.2.21)-විසිකිරිමේ

ශූරතාව-ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම මී.73.27)‍

පැනීමේ ඉසව් සඳහා කුසලානය-එරංග දිනේෂ් ප්‍රනාන්දු

(තුන් පිම්ම මී.16.37 නව ශ්‍රී ලංකා වාර්තාව)

මැදි සහ දුර ඉසව් ශූරතාව- ආර්.එම්.ඒ.පුෂ්පකුමාර

(මී.3000 වි.8:56.75)

කඩුලු ඉසව් ශූරතාව- කේ.ඒ.එම්.ජේ.ගුණතිලක

(මී.400 තත්.51.66)

කෙට් දුර ඉසව් ශූරතාව- කේ.ඒ.එම්.ජේ.ගුණතිලක

(මී.400 තත්.51.66)

කාන්තා

විසිකිරිම් ඉසව් ශූරතාව- දිල්හානි ලේකම්ගේ

(හෙල්ල විසිකිරීම වි.55.76 නව තරග වාර්තාව)

පැණිමේ ඉසව් ශූරතාව- ප්‍රියංගිකා මධුමන්ති

(උස පැනීම මී.1.81නව තරග වාර්තාව)

දුර දිවිමේ ඉසව් ශූරතාව- එරංගා දුලක්ෂි

(මී. 3000 බාධක යි10:11‍.72 නව ශ්‍රී ලංකා වාර්තාව)

මැද දුර ඉසව් ශූරතාව- චමිපිකා දිල්රුක්ෂි

(මී.800 වි.2:04.97 නව තරග වාර්තාව)

කඩුලු පැනීම කාන්තා ශූරතාව- අමාලි විජේසිංහ

(මී.100 කඩුලු තත්.14.26)

කෙටිදුර කාන්තා ශූරතාව- සුජානි බුද්ධිකා

(මී.200 තත්.33.92)

කාන්තා ඉසව් අතිශූර ක්‍රීඩිකාව- චමිපිකා දිල්රුක්ෂි සහ

එරංගා දුලක්ෂි (මී.800 හ මී.300 බාධක දිවිම)

පිරිමි ඉසව් අතිශූර ක්‍රීඩකයා- එරංග දිනේෂ් ප්‍රනාන්දු

(තුන් පිම්ම මී.16.37)

ජාතික මලල ක්‍රීඩා/දක්ෂතම ක්‍රීඩකයා ශූරතාව- එරංග දිනේෂ් ප්‍රනාන්දු (තුන් පිම්ම මී.16.37/ නව ශ්‍රී ලංකා වාර්තාව)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා