|
||||
රන් මාලය උකසට තබා රිදී පදක්කමක් දිනූ අනුරපුරේ දිරිය ක්රීඩිකාවකරේ තිබූ රන් මාලය උකස් කර 17 වැනි ආසියාතික ප්‍රවීණ මලල ක්‍රීඩා උලෙළට සහභාගි වූ අනුරාධපුර නොච්චාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාවත්කුලම ආර්.එස්.එම්.රාජපක්ෂ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට සමත්ව සිටින්නීය. මේ ක්‍රීඩා උලෙළේ උස පැනීමේ ඉසව්වෙන් ඇය දෙවැනි ස්ථානය ලබා රිදී පදක්කම දිනා ගත් අතර මීටර 400 සහාය දිවීම ඉසව්වේදී තෙවැනි ස්ථානය ලබා ගනිමින් ලෝකඩ පදක්කම ද දිනා ගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල්වරියකි. පසුගිය 2 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේ තායිපේ හි මේ තරගාවලිය පැවැත්විණි. ආසියානු රටවල් 18ක් සහභාගි වූ තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය තායිපේ ට හිමි වූ අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත්, තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමි විණි. තමන් දිනා ගත් පදක්කම් දෙකත් සමග පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ආර්.එස්.එම්.රාජපක්ෂ ‘දිනමිණ’ට මෙසේ පැවසුවාය. “ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් ගෙන ඒමට හැකිවීම පිළිබඳව මා ආඩම්බර වෙනවා. මම බොහොම දුෂ්කරතා මධ්‍යයේ තමයි මේ ජයග්‍රහණ ලැබුවේ.” “යුද හමුදාව මට රුපියල් 36,000ක් ලබා දුන්නා. ඉතිරි මුදල සොයා ගැනීමට මා මගේ කරේ තිබූ රන් මාලය උගස් කළා. මම මේ ගමන ගියේ එහෙමයි. උස පැනීම තරගයේදී මා මීටර් 1යි සෙන්ටි මීටර් 44ක් උස පැනලයි දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ.” “ඉදිරියේ පැවැත්වෙන ලෝක ප්‍රවීණ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙන්න මා සුදුසුකම් ලබා සිටිනවා. ඒ තරගාවලියෙනුත් ශ්‍රී ලංකාවට වටිනා පදක්කමක් ලබා දී මගේ මව්බිමට ගෞරවයක් ගෙන දීම මගේ ඉලක්කයයි. මේ සඳහා මට කවුරු හරි ආයතනයක් උදව් කරනවා නම් මම එය ඉතා අගය කරනවා” මේ දිරිය ක්‍රීඩිකාව වැඩි දුරටත් කියා සිටියාය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |