|
||||
යෞවන ක්‍රීඩා පා පැදි ශූරතා නුවන්ට සහ මනෝමිට
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ යෞවන ක්‍රීඩා උලෙළේ පා පැදි තරග ජය නුවන් දුලන්ත සහ මනෝමී කුමාරි සමත් වූහ. කිලෝමීටර් 42.195ක් වු පිරිමි තරගය මාතර සනත් ජයසුරිය පිටියෙන් ආරම්භ වී ගාලු පාරේ මිදිගම දක්වා ගමන් කොට නැවත ජයසුරිය පිටියටද, කාන්තා තරගය කඹුරුපිටිය දක්වා ගොස් නැවත ජයසුරිය පිටියෙන්ද අවසන් විය. පිරිමි තරගය සඳහා තරගකරුවන් 148ක් සහභාගී වු අතර කාන්තා තරගයට තරගකාරියන් 45 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. පා පැදි තරග - පිරිමි-1.නුවන් දුලන්ත (කොළඹ), 2.ප්‍රියන්ත ජයලාල් (හම්බන්තොට), 3.රංගජීව පෙරේරා (කොළඹ) කාන්තා-1.ජී.ජී.මනෝමි කුමාරි (අම්පාර), 2.ඉශාර නිල්මිණි (අනුරාධපුර), 3.දිනේශ් දිල්රුක්ෂි (පුත්තලම) ඇවිදීමේ තරග - පිරිමි (අවු.20 පහළ) 1.චතුරංග මංගමුරගේ (මාතර) 2.ප්‍රදීප් මධුෂංක (හම්බන්තොට), 3.බී.ඇල්.එම්.කුමාර (මොනණරාගල) පිරිමි (අවු.20 ඉහළ)-1.ඇම්.ඩී.සම්පත් (මාතර), 2.දනුෂ්ක සම්පත් (ගාල්ල), 3.කේ.ජී.එස්.කේ.අබේරත්න (කුරුණෑගල) කාන්තා (අවු 20 පහළ)-1.ජී.බී.ගායනා (මාතර), 2.අවන්ති ජයරත්න (කුරුණෑගල), 3.ජේ.කේ.එම්.එම්.දමයන්ති (මොණරාගල) කාන්තා (අවු 20 ඉහළ)- 1.ටී.එච්.දිනුශා (ගාල්ල), 2.මල්කාන්ති දේශප්‍රිය (හම්බන්තොට), 3.ඉන්දිරා ප්‍රියදර්ශනි (මොණරාගල) මැරතන් තරග - පිරිමි-1.ඩී.එස්.මධුෂංක (කළුතර), 2.වසන්ත කුමාර (ගාල්ල), 3.ඉරංග රත්නායක (බදුල්ල) කාන්තා-1.රුවනි නිසංසලා (පුත්තලම), 2.එම්.මධුෂානි (කුරුණෑගල), 3.ඒ.එම්.දිස්නා (පුත්තලම) |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |