|
||||
කාල්ටන් බාස්කට් බෝල් තරගාවලිය මාලදිවයිනට පොලිස් ප්‍රහාරයක්
මාලදිවයිනේ රෙඩ්ලයින්ස් පිල පරදා ලකුණු 75 -59ක විශිෂ්ට ජයක් පොලිස් ක්‍රීඩකයෝ හිමිකර ගත්හ. කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මේ තරගයේ පළමු භාගයේ දී දෙපිලම ලකුණු 32 -32ක් ලෙස සම තත්ත්වයක පසුවූහ. එහෙත් දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩකයෝ ජයග්‍රහණය හිමිකර ගත්හ. පොලිස් ක්‍රීඩා සමාජයේ ඉන්දික සහ සුජිත් ලකුණු 18බැගින් රැස් කළ අතර මාලදිවයිනේ රෙඩ් ලයින්ස් පිලේ එන්.රුෂ්ඩි ලකුණු 12ක් ලබා ගත්තේය. ඔටර්ස් පිලට ලකුණු 4ක ජයක් ඔටර්ස් ක්‍රීඩා සමාජය හා ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් ඔටර්ස් පිලට ලකුණු 4ක තියුණු ජයක් හිමිවිය. මේ තරගයේ පළමු භාගයේ දී ලකුණු 32 -33ක් ලෙස ඔටර්ස් පිල ඉදිරියෙන් සිටි අතර තරගය අවසන් වූයේ ලකුණු 75 -71ක් ලෙසින් ඔටර්ස් පිලට ජය හිමිකර දෙමිනි. ඔටර්ස් ජය මාවතට ගෙනා ගයාන් මීදෙණිය ලකුණු 28ක් ලැබූ අතර ඕල්ඩ් බෙන්ස් පිලේ නුෂාන් එරන්ද ලකුණු 25ක් ලබා ගත්තේය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |