|
||||
ඇෆ්ගන් දූත පිරිසක් පාකිස්තාන බලධාරීන් හමුවෙතිඇෆ්ගනිස්තානයේ සාමය උදාකර ගැනීම සම්බන්ධයෙන් එරට හා පාකිස්තානය අතර මේ සතියේදී තෙදින සාකච්ඡා වටයක් පැවැත්වෙන බව පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙරේදා ප්‍රකාශ කළේය. මේ දෙරට අතර පවත්නා සබඳතා බොහෝ දුරට නොසන්සුන්කාරීවන අතර 11 වසරක් තිස්සේ පවත්නා ඇෆ්ගනිස්තාන කැරැලිකාරිත්වය හමුවේ තලේබාන් සටන්කාමීන්ට පාකිස්තානය සහාය දක්වන බවට ඇෆ්ගන් නායකත්වය බොහෝ අවස්ථාවල චෝදනා කර තිබිණ . එහෙත් මේ චෝදනාව ප්‍රතික්ෂෙප කරන පාකිස්තානය තලේබානුවන් සමඟ සිදු කරන සටනට ඔවුන් කැපව සිටින බවත් එහෙයින්ම ක්‍රියාකාරී ලෙසින්ම සටන්කාමින් ඉලක්ක කර ගන්නා බවත් කියා තිබේ . කෙසේවෙතත් ඇෆ්ගන් ඉහළ සාම මණ්ඩලයේ සභාපති සලාහුදින් රබ්බානි ගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් ඊයේ පාකිස්තානයට පැමිණෙන බවත් ඔවුන් පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි හා අගමැති රාජා පර්වේස් අෂ්රෆ් හමුවන බව හා පාකිස්තාන විදේශ ඇමති හා හමුදාව සමඟ සාකච්ඡා පවත්වන බවත් පැවසී තිබිණ . ඇෆ්ගන් සාමය හා සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාල බලධාරින් සමග සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස පාකිස්තාන විදේශ ඇමති හයිනා රබ්බානි කාර් ඇෆ්ගන් සාම මණ්ඩලයේ ප්‍රධානියාට ආරාධනා කර ඇත. මෙවන් සාකච්ඡා වටයක් පසුගිය වසරේ දී අත්හැර දමන්නට සිදුවුණේ එම සාම මණ්ඩලයේ හිටපු ප්‍රධානියා වූ බර්හානුදීන් රබ්බානි ඝාතනය වීම නිසාය.තලේබාන් සාම දූතයෙකු ව්‍යාජයෙන් පැමිණි මරාගෙන මැරෙන බෝම්බ කරුවකු විසින් ඔහු ඝාතනය කෙරිණ. මේඝාතනය ගැන පාකිස්තානයට චෝදනා කළ ඇෆ්ගනිස්තානය මේ ඝාතනය පාකිස්තානයේදී සැලසුම් කරන ලදුව පාකිස්තාන ජාතිකයකු සිය තලප්පාවේ සඟවාගෙන ආ බෝම්බය ක් පිපිරවීමෙන් සිදු කළබවට චෝදනා කර තිබිණ. එහෙත් පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදුව පාකිස්තානයේ රැකවරණය ලත් ඇෆ්ගන්ජාතිකයකු විසින් එය සිදුකර ඇතැයි ප්‍රකාශ කළේය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |