ගෙල කපා අයකු මැරූ සැකකරු අත්අඩංගුවට

බම්බලපිටියේ දී මෝටර් රථයක් තුළ පසුගිය 18දා ගෙල කපා ඝාතනය කළ විජිත ද කොස්තා නමැත්තාගේ ඝාතකයා බම්බලපිටිය පොලිසිය මඟින් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර»


අද, ඔබ අප කළ යුත්තේ රට ගොඩ නඟා ජාතික සමගියට පාර කැපීමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2
012 නොවැම්බර් 02, කොළඹ දී.


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ද්වේශසහගතව අසත්‍ය ලිපි පළ කර අපහාස කළාට

ආරක්ෂක ලේකම් ගෝඨාභයට ලීඩර් ආයතනයෙන් කෝටි 25ක වන්දි

ලාල් වික්‍රමතුංග ෆෙඩ්‍රිකා ජෑන්ස් වගඋත්තරකරුවෝ වෙති

අධිකරණ තහනම් නියෝගයත් කඩලා

ලිපිය බොරු: පැමිණිල්ලේ සාක්කිකරුවෝ කියති

මින් ඉදිරියට අපහාසාත්මක ලිපි පළ කිරීමත් තහනම්

 

විස්තර»

ආරක්‍ෂක ලේකම්තුමා අවංක බව අධිකරණ තීන්දුවෙන් ඔප්පු වුණා

ලක්‍ෂ්මන් හුලුගල්ලේ

ආරක්‍ෂක ලේකම්තුමා මේ රටට කළ සේවය හා ඔහුගේ අවංකත්වය ඊයේ (22) ගල්කිස්ස දිසා අධිකරණය මඟින් ලබාදුන් තීන්දුව මඟින් මනාව ඔප්පු වන බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා පැවසීය.

විස්තර»

මවුකිරි බැංකුවක් ශ්‍රී ලංකාවේ

මවුකිරි බැංකුවක් මෙරටස්ථාපිත කිරීමට සෞඛ්‍ය අධ්‍යාපනකාර්යාංශයේ අවධානය යොමුකෙරේ. රැකියා කටයුතුවලට යන මවුවරුන්ට දරුවාට මවුකිරි ලබා දීම පිළිබඳ ගැටලු මතු වේ.

 

විස්තර»

කාලගුණයෙන් බාධා  සුප්‍රීම් සැට් ගමන නවතී

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රථම සන්නිවේදනචන්ද්‍රිකාව වන “සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම දින නියමයකින් තොරව ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.මෙම සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43ට ඊයේ (22) දිනයේ අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබිණි. 

විස්තර»

කෝටි 1½ක විදෙස් මුදල් සමඟ ඉන්දීය ජාතිකයෝ 3ක් රේගු දැලේ

කෝටි එකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක රේගු නිලධාරීන් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණ සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි බව රේගු නිලධාරියෙක් පැවසීය.

විස්තර»

ගොවීන්ටත් විදෙස් පුහුණුව කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි

අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ට පමණක් සීමා වී තිබු විදේශ සංචාර හා විදේශ පුහුණු ගොවීන්ට ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සුදානම් වෙයි.

විස්තර»

විනිසුරු දියණියගේ නම විකුණා අන්තර්ජාලයට ගිය වෙළෙඳ සහායක කොටු වෙයි

අධිකරණ විනිසුරුවරයකුගේ දියණියක් දුරකථන සමාගමකින් ලබා ගත් අන්තර්ජාල පහසුකම්වලට අදාළ ලිපි ලේඛන උපයෝගී කර ගනිමින් ව්‍යාජ අයුරින් තවත් අන්තර් ජාල පහසුකම් දෙකක් ලබාගෙන ඇතැයි සැකපිට,

 

විස්තර»

 

 

ශ්‍රී ලංකා කසකස්ථාන වෙළෙඳ සබඳතා පුළුල් කරමින් දෙරටේ ව්‍යාපාරිකයන් සහභාගි වූ ව්‍යාපාරික හමුවක් අස්තානා නුවර දී පැවැත්විණි. ඊට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා කසකස්ථාන අගමැති සෙරික් අකෙමෙකෝ මහතා දෙරටේ ව්‍යාපාරිකයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහත්වරුද මෙහි වෙති.

 

ඡායාරූපය - සුදත් සිල්වා

 

 

 

අය වැය තුළ සහන ඇතත් ජනතාවට අත් විඳින්ට
එය නොකියා යති සමහරු රේස් කාර්වල පදින්ට
රට වටකර වැට බැන්දත් කට වටකර බැහැ බඳින්ට
බත් දුන්නත් කපුටෝ යති අහුමුලුවල කුණු අදින්ට