ගිරිබාව පොලිසියේ දෙදෙනෙකුටමැර ප්‍රහාරයක්

ගිරිබාව පොලිසියේ දෙදෙනෙකුටමැර ප්‍රහාරයක්

රථවාහන නඩු ලබා ගනිමින් සිටි ගිරිබාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට පෙරේදා (21) පස්වරු 2ට පමණ ගිරිබාව යාය 6 10 කණුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු පහර දීමෙන් තුවාල ලබා ගිරිබාව රෝහලට ඇතුළත් කැර තිබේ. තිබේ.

 අදාළ පුද්ගලයින් පැමිණි වාහනය නතරකැර එහි ලියකියවිලි පරීක්ෂා කළ අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමකින් පසු මේ පහරදීම සිදුකර ඇත. රෝහල්ගත කැර ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් වන වන්නිනායක හා දයාරත්න නමැති දෙදෙනාය.

පහරදීම සම්බන්ධයෙන් ගිරිබාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගිරිබාව පෙලිසිය පරීක්ෂණ පවත්වයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා