සියලු දරු දැරියන්ට එක හා සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබා දෙනවා

සියලු දරු දැරියන්ට එක හා සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබා දෙනවා

- ඇමැති බැසිල් රාජපක්‍ෂ

අධ්‍යාපන ක්‍ෂේත්‍රය නංවාලීමට විශාල කැපවීමක් කරන රාජ්‍ය නායෙකුයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා. ඒ මහතාගේ අධිෂ්ඨානය සෑම පළාතකම, ජාතියකටම, ආගමකටම හා විවිධ ආදායම් මට්ටම් ඇති පවුල්වල දරු දැරියන්ට එක හා සමාන අධ්‍යාපනයක් ලබා දී ලෝකයේ ඇති ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි පරපුරක් ඇති කිරීමට බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා (19)

විද්‍යාගාර සහිත සිව් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සිසුන් විද්‍යාගාරවල පරීක්‍ෂණ කටයුතු පිළිබඳව පරීක්‍ෂා කර බැලූ අවස්ථාව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මතාද මෙහි සිටී. මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක

 පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ හෝමාගම පිටිපන මහින්ද රාජපක්‍ෂ ජාතික විදුහලේ විද්‍යාගාර සහිත නව සිව් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරු අවස්ථාවේදී ය.

මෙහිදී වැනි දුරටත් අදහස් දැක් වූ ඇමැති රාජපක්‍ෂ මහතා මෙසේ පැවසීය.

දිනෙන් දින ලෝකයේ විවිධ අර්බුද ඇති වෙනවා. තිබෙන ස්වාභාවික සම්පත් අඩු වෙනවා. මෙවැනි දේ පිළිබඳව මතු පරපුර දැන සිටීම අවශ්‍යයි. මෙවැනි කරුණු දැන සිටීමෙන් පමණයි අපට ඉදිරියට ගමන් කර හැකි වන්නේ. පසු ගිය දිනක ලෝක බැංකුවේ ප්‍රධානියෙකු මෙරටට පැමිණි අවස්ථාවේ දී රජයට පවසා සිටියා ගෙවි ගිය වසර තුන කාලය තුළ මෙරට විශාල සංවර්ධනයක් ළඟා කරගෙන ඇති බව අද වන විට අප රටෙත් 92%කට විදුලි බලය ලබා දී තිබෙනවා.

රටේ ප්‍රධානම ක්‍ෂේත්‍රයක් වන අධ්‍යාපන ක්‍ෂේත්‍රය නංවාලීමේ වැඩ සටහන යටතේ ප්‍රාථමික හා ද්විතීයික පාසැල් සංවර්ධන කිරීමේ ජාතික වැඩ සටහන මේ වන විටත් රටපුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හෝමාගම පිටිපන මෙම විදුහල රටේ සෙසු විදුහල්වලටත් ආදර්ශමත් විදුහලක් වෙනවා.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා

මෙරට පාසැල් උදෑසන 7.30 ට ආරම්භ වී දහවල් 1.30 අවසන් වුවන් පිටිපන මහින්ද රාජපක්‍ෂ විදුහල උදෑසන 7.30 ආරම්භවී , අවසන් වන්නේ සවස 3.00ටයි.

කිසිදු අමතර දීමනාවක් හෝ ඉල්ලීමක් ඉදිපත් නොකර දරුවන් වෙනුවෙන් අමතර කාලයක් ඉගෙනුම් කටයුතු ලබාදෙන, විදුහලේ ගුරු මණ්ඩලය ගැන අප අගය කළ යුතුයි. ලෝකයේ පවතින ප්‍රධාන භාෂා අටක් ඉගැන්වීම් සිදු කරන මේ විදුහල සතුව එක් විද්‍යාගාරයකට පරිගණක එකසිය විස්සකින් සමන්විත පරිගණක විද්‍යාගාර හතරක් පවතිනවා. මේ අවස්ථාවට පළාත් අමැති උපාලි කොඩිකාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණි තිලකසිරි, ජනක වැලිවන්න, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨභය ජයරත්න, විභාග කොමසාරිස් ඩබ්ලිව්. එන්. ජේ. පුෂ්පකුමාර, හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පාලිත වීරසූරිය, විදුහල්පති නන්දන සිල්වා යන මහත්වරුන් සමඟ ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ රැසක්ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා