අධ්‍යාපනයේ දියුණුවට ප්‍රාථමික - ද්විතීයික පෙර පාසල් සහ යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා

අධ්‍යාපනයේ දියුණුවට ප්‍රාථමික - ද්විතීයික පෙර පාසල් සහ යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා

- පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මෙම භූ®මියේ වසර ගණනාවක සිට දන්සලක් පවත්වාගෙන ඇවිල්ල තියෙනවා. ඒ කාලෙ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා මැදමුලනේ ඉඳලා පයින් ඇවිද ගෙන ඇවිල්ලා තමයි මේ පන්සලේ දන්සල විවෘත කරන්නේ. කිංචිගුණේ විහාරාධිපති කපුහේන්පොළ චන්දිම හිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ වීරකැටිය කිංචිගුණේ රුපියල් ලක්ෂ දහයක පමණ වියදමින් ඉදිකරන ලද සරණ මුල් ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතාය. විහාරාධිපති කපුහේන්පොළ චන්දිම හිමියෝ තවදුරටත් අදහස් දක්වමින් මෙසේ කීහ.

වසර විස්සක පටන් කාලයක සිට දහම් පාසල පවත්වාගෙන එනවා. වසර ගණනක සිට පෙර පාසලක අඩුවක් පැවැති නිසා මවුපියන්ගේද ආධාර ඇතිව නාමල් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය ඇතිව අද මෙම පෙර පාසල විවෘත කරන්න හැකිවුණා.

නවීන පෙර පාසලක් ලෙසයි අද විවෘත කළේ. මවුපියන්ටත් දරුවන්ටත් තමයි මෙහි ප්‍රතිලාභ හිමිවෙන්නේ. මෙම විහාරස්ථානය ඓතිහාසික වැදගත් සිද්ධස්ථානයක්.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා

කාලයක සිට මවුපියන්ගේ ඉල්ලීම වුණේ මෙම පෙර පාසල හදල දෙන්න කියලා. ගමේ තරුණයන්ගේත් සහයෝගය ඇතිව අද මෙම පෙර පාසල හදාදෙන්නට හැකිවුණා. අධ්‍යාපනය දියුණු කරන්න මේ දිස්ත්‍රික්කය පුරාම ප්‍රාථමික ද්විතීයික පෙර පාසල් යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා. වෘත්තීය පුහුණුව තුළින් කාර්මික පුහුණුව ලබාදී අනාගතය භාරගන්න ඉන්න තරුණ තරුණියන්ගේ දැනුම වැඩි දියුණු කරනවා.

ඒ තුළින් අපේ ගම්මානවල ඉන්න තරුණ තරුණියන්ගේ අනාගතය දීප්තිමත් වෙනවා. මෙම ගොඩනැගිල්ල හොඳට ආරක්ෂා කරගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතාද උත්සව සභාව ඇමතූ අතර උප සභාපති ජයවික්‍රම රණවීර සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු මවුපියන් හා දහම් පාසල් දරු දැරියෝ විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා