කළමනාකරණය විධිමත් කළ නිසා මූල්‍ය වර්ධනයක් ඇති වුණා

කළමනාකරණය විධිමත් කළ නිසා මූල්‍ය වර්ධනයක් ඇති වුණා

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ

මුල්‍ය කළමනාකරණය විධිමත් හා දැඩි විනයකින් යුතුව පාලනයට නතු කරමින් ආ ගමනේ ප්‍රතිපලය ලෙස ඌව පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉහළ මුල්‍ය වර්ධනයක් ඇති කර ගැනිමට හැකිවි ඇති බවත් මේ වන විට ඌව පළාත් සභාවේ ස්ථාවර තැන්පත් මුදලින් පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ට ගෙවිය යුතු වැටුප් හා දිමනා ඉදිරි මාස තුනක කාලයකට ගෙවිමේ ශක්තියක් පළාත් සභාව සතුව ඇති බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා මාධ්‍යයට පැවැසිය.

මධ්‍යම රජයෙන් මුදල් ලබාගැනිම ප්‍රමාද වුවත් පළාත් සභා සංචිතයෙන් මාස තුනක වැනි කාලයක් ඌව පළාත් සභාව නඩත්තු කිරිමේ හැකියාව ඇති වූයේ මාගේ අමාත්‍ය මණ්ඩලය පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රි කණ්ඩායම මෙන්ම පළාතේ රාජ්‍ය සේවයේ කැප කිරිම අනුවයි. මිට පෙර සමහර අවස්ථාවලදි පළාත් සභාව බැංකුවලින් ණය ලබාගත් අවස්ථාවන්ද තිබුණා.

මධ්‍යම රජයෙන් පළාතේ සංවර්ධනය සදහා ලබාදෙන අරමුදල් නියමිත කාලය තුළ වැය කිරිමට නොහැකිව වසර අවසන් වන විට විශාල මුදලක් නැවැත භාණ්ඩාගාරයට හරවා යැවු අවස්ථාවන් මේ ඌව පළාත් සභාවේ පැවැති සංස්කෘතියට තිත තැබිමට පස්වන පළාත් සභාවේ සිට හැකිවි තිබෙනවා.

මම පළාත් සභාවට ඡන්දය ඉල්ලන අවධියේ මොණරාගල ජනතාව මගෙන් ඉල්ලුවේ පළාතට ලැබෙන මුදල අදාළ වර්ෂය තුළ අදාළ සංවර්ධන කටයුතුවලට යොදවා පළාතේ ජනතාවගේ ගැටලු විසදිය හැකි පළාතේ සංවර්ධනය කිරිමට ලැදියාවක් කැපවිමක් ඇති නිලධාරි මණ්ඩලයක් පළාත් සභාවේ ඇති කරන ලෙසයි මේ කෙටි කාලය තුල ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකිරිමට හැකිවි තිබෙනවා.

මේවන විට මේ වර්ෂය තුළ පළාතේ සංවර්ධනය සදහා මධ්‍යම රජයෙන් ලැබිය යුතු අරමුදල් 70% ක් ලබාගැනිමට හැකිවි තිබෙනවා ඒවගේම පළාතේ පුනරාවර්තන අරමුදල් 100% ක්ම මේ වන විට පළාතේට ලබාගෙන අවසන්. දැන් තියෙන්නේ අදාළ සංවර්ධන කාර්යන් ජනතාවට ඉටුකිරිමයි.

නව රැකියා අවස්ථාවන් සදහා පළාතේ උපාධිධාරින් ඩිප්ලෝමාධාරින් බදවාගත්තා මේ අයට වැටුප් ගෙවිම සදහා මධ්‍යම රජයෙන් මුදල් ලැබෙන තෙක් බලා සිටියේ නැහැ.

පළාතේ මුල්‍ය සංචිතයෙන් බදවා ගත් දින සිට නියමිත වැටුප් ලබා දිමට හැකිවුණා.

මැතකදි රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරින්ට නියමිත වැටුප් තලයේ පිහිටුවිමට හැකිවුයේ ඌව පළාත් සභාවට පමණි. එය අප ලද ජයග්‍රහණයකි. මේ මගින් පළාතේ උගත් දූ දරුවන් ගේ අනාගතය පිළිබදව තිබු අවිනිශ්චිත භාවය හා රාජ්‍ය පරිපාලනය පිළිබදව තිබු අවිශ්වාසය දුරු කරන්නට හැකියාව ලැබුනා. 2012 වර්ෂයට අනුමත ඇස්තමේන්තුවලට පරිබාහිරව පළාත් සභා අරමුදල් මගින් පළාතේ සංවර්ධනය වෙනුවෙන් විශාල සේවාවන් රාශියක් ක්‍රියාත්මක කිරිමට හැකිවුණා.

ඒ අනුව මහියංගන මුලික රෝහලට සහ පස්සර දිසා රෝහලට රුපියල් ලක්ෂ 350ක මුදලක් වැය කරමින් අවශ්‍ය එන්ඩෝස් කොපි සහ කොලනෝස් කොපි උපකරණ ලබාදෙන්නට හැකිවුණ බවද පැවැසිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා