ගොවීන්ටත් විදෙස් පුහුණුව කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි

ගොවීන්ටත් විදෙස් පුහුණුව කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි

අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ට පමණක් සීමා වී තිබු විදේශ සංචාර හා විදේශ පුහුණු ගොවීන්ට ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සුදානම් වෙයි. මේ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගොවීන් දස දෙනකු හා පහළ මට්ටමේ නිලධාරීන් දෙදෙනකු බැගින් තෝරා විදේශ රටවල පුහුණු වැඩසටහන් හැදෑරීමට හා සංචාරය කිරිමට අවස්ථාව ලබා දීමට කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය සහ අමාත්‍යංශය යටතේ වු දෙපාර්තමේන්තු හා ආයතනවලින් අති විශාල මුදලක් විදේශ පුහුණු වැඩසටහන් සඳහා වෙන් කර තිබේ. ඉහළ නිලධාරීන්ට පමණක් එම අවස්ථා ලබා නොදී ගොවීන්ට ද ඒ සඳහා අවස්ථාව ලබා දීමට එම පුහුණු වැඩසටහන්වල ක්‍රමවේදයන් වෙනස් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැතිවරයා අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලොකු ලූනු වගා කරන ගොවීන් දස දෙනෙකු සමඟ පහළ මට්ටමේ නිලධාරීන් කිහිප දෙනෙකුට විදේශ පුහුණුවක් සඳහා අවස්ථාවක් සලසා දී තිබෙන අතර ‍මෙවර ලැබූ ලොකු ලූනු අස්වැන්න සහ බීජ නිෂ්පාදනය ඉහළ යාම නිසා එම විදේශ පුහුණුව අතිශයින් සාර්ථක වී තබෙන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා