මුද්‍රණය සඳහා

 
කෝටි 1½ක විදෙස් මුදල් සමඟ ඉන්දීය ජාතිකයෝ 3ක් රේගු දැලේ

කෝටි 1½ක විදෙස් මුදල් සමඟ ඉන්දීය ජාතිකයෝ 3ක් රේගු දැලේ

අත්අඩංගුවට පත් මුදල් රේගු නිලධාරීන් පරීක්ෂා කරමින්. ඡායා­රූ­පය - කුමා­ර­සිරි ප්‍රසාද්

කෝටි එකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක රේගු නිලධාරීන් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණ සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි බව රේගු නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් තිදෙනා යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් යන මුදල් ශරීරවල සඟවා ගෙන සිටි බව රේගුව කියයි. නියෝජ්‍ය රේගු අධිකාරි විමල් ජයසුමන මහතාට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු අධ්‍යක්ෂක තිලක් පෙරේරා, රේගු අධිකාරි එස්. ජී. බාලසූරිය, නියෝජ්‍ය රේගු අධිකාරී විමල් ජයසුමන, අයි. විජේපාල, මාලිංග ප්‍රේමදාස, ඒ. පී. සිරිසේන, ආර්. ටී. එන්. ධර්මසේන, ඒ. කේ. අබේවර්ධන, ජී. පී. ද සිල්වා යන මහත්වරු මේ වැටලීම සිදු කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]