අය-වැය කාරක සභා විවාදවල දී මන්ත්‍රීවරු තම අසුනේ සිටිමින් කතා කළ යුතුයි

අය-වැය කාරක සභා විවාදවල දී මන්ත්‍රීවරු තම අසුනේ සිටිමින් කතා කළ යුතුයි

- කතානායක

අයවැය කාරක සභා විවාද අවස්ථාවේ සෑම මන්ත්‍රිවරයකුම තමාට වෙන්කරදී තිබෙන ආසනයේ සිටිමින් පමණක් කතා කළ යුතු බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

මිට පෙර එම විවාද අවස්ථවේ සෑම මන්ත්‍රිවරයෙකුම තමන්ට වෙන් කර දි ඇති ආසනයේ සිට කතා කළ යුතු බවට තමාගේ පූර්ගාමි කතානායකවරු අවස්ථා කිහිපයකදි අවධාරණය කර ඇති බව පෙන්වාදුන් කතානායකවරයා තමාද එම ස්ථාවරය තහවුරු කරන බවද කීවේය.

පුර්ණ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියා පිළිවෙත පිළිබඳ බලපවත්නා රිති සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 86 සිට 93 දක්වා ඉතාමාත් පැහැදිළිව දක්වා ඇති බවත්, කතානායකවරයා මුලාසනයේ සිටින අවස්ථාවේදී ක්‍රියා පිළිවෙළ පිළිබඳව බලපවත්වන රිති පුර්ණ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාපිළිවෙළ පිළිබඳව අදාළ විය යුතු අතර, ඉන් නිදහස් විය යුතු කරුණු ස්ථාවර නියෝග 91 සඳහන් බවත් රාජපක්ෂ මහතා කීය.

මන්ත්‍රිවරුන්ගේ අසුන් ගැනිම සම්බන්ධයෙන් කිසිදු නිදහස් කිරිමක් එම ස්ථාවර නියෝගවල සඳහන්වී නැතැයි කතානායකවරයා පෙන්වා දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා