මුද්‍රණය සඳහා

 
ග්‍රාමීය ජනතාවට කරන්ට් වද්දන ජල විදුලි බලාගාරවලට මින්පසු ඉඩ නෑ

ග්‍රාමීය ජනතාවට කරන්ට් වද්දන ජල විදුලි බලාගාරවලට මින්පසු ඉඩ නෑ

කෑගල්ල දිස්ත්‍රික්කයේ මින් ඉදිරියට ඉදි කෙරෙන සියලුම ජල විදුලි බලාගාර සඳහා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය ලබාගත යුතු බව එම කමිටුව තීරණය කර ඇත.

සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වූ ඇමැති රංජිත් සියඹලාපිටිය හා සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූහ.

සභාපතිවරු පැවැසුවේ නියමිත අවසරයකින් තොරව ඉදිකර ඇති ජල විදුලි බලාගාර නිසා ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරය සැළකිල්ලට ගෙන මේ පියවර ගන්නා බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]