|
||||
දොළහේන කනිටු විදුහලේ සිසු දරුවන්ට තෑගි බෝගහෝමාගම අධ්‍යාපන කලාපයේ වැසීයාමේ අවදානමකට ලක්ව ඇති දොළහේන කනිටු විදුහලේ විසූූ සිසුවියන්ට සපත්තු, නිල ඇඳුම්, පාට පැස්ටල් පෙට්ටි සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. මේ ශිෂ්‍ය සත්කාරය සංවිධානය කරන ලද්දේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ පිටිපන දකුණ ශ්‍රී රාහුල යෞවන සමාජය හා හෝමාගම මධ්‍යම ලියෝ සමාජයයි.පාසලේ අබලන්ව ඇති පුටු මේස ආදිය අලුත්වැඩියා කොට තීන්ත ආලේප කිරීම පිටිපන දකුණ ශ්‍රී රාහුල යෞවන සමාජය විසින් සිදුකරන ලදී. මෙම පාසලේ දරුවන් 6 දෙනෙක් පහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර එක් ශිෂ්‍යයෙක් උසස් ලෙස සමත් වීම විශේෂයකි. විභාගයෙන් සමත් වූ අකිල කෞෂල්‍ය දරුවාට මසකට රුපියල් 1000ක් බැගින් ලබාදීමට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් පත්මවර්ණ, ඊ. කේ. පෙරේරා සහ සුරනිමල් වීරපුතා යන තිදෙනාම ඉදිරිපත් වීම විශේෂයකි. තරුණ සේවා නිලධාරි නීල් සිරි කත්‍රිආරච්චි මහතා මෙම ප්‍රජා සේවය සම්බන්ධීකරණය කළේය. දෙවන උප සිංහාධිපති ඊ. ඩබ්ලිව්. හරිස්චන්ද්‍ර, ශ්‍රී ලංකා යෞවන සම්මේලනයේ උප ලේකම් ඉසංක චතුරංග, හෝමාගම තරුණ සේවා නිලධාරිනී නිර්මලී වත්සලා ලියෝ, දිස්ත්‍රික් සභාපති බුද්ධික ලක්මාල් යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාව වර්ණවත් කළහ. විදුහල්පති ජයන්ත පී. කපුගේ මහතා සත්කාරයට සහභාගි වූ සැමට ස්තුති කළේය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |