රේසිං කාර් තීරුබදු අඩුකිරීම ගැන ප්‍රසාදය

රේසිං කාර් තීරුබදු අඩුකිරීම ගැන ප්‍රසාදය

මෝටර් රථ ධාවන තරග සඳහා භාවිතා කරන රථවලට තීරු බදු අඩුකිරීම සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත මෙරට මෝටර් රථ ධාවන තරග සඳහා පාලක සංගමය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් සංගමය කෘතවේදිත්වය පුදකරයි.

මේ තීරුබදු අඩු කිරීම ධාවන තරග සඳහා භාවිතා කරන තනි ආසනයක් ඇති ‍ෆෝමියුලා රථ සහ ගෝ කාර්ට් රථ සඳහා පමණක් වන අතර මේ අදාල වාහන ලියාපදිංචි කිරීම හෝ මහා මාර්ගවල ධාවනය කිරීම හෝ සිදුකළ නොහැකිය.

මෑත කාලයේ මේ ගෝ කාර්ට් රථ ක්‍රීඩාව කුඩා ළමයින් අතර ඉතා ජනප්‍රිය වූ අතර ඉන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට ඉදිරියට යාමට දැරිය හැකි මුදලකට ධාවන තරග සඳහා යොදාගන්නා මෝටර් රථ ලබා ගැනීමට නොහැකිවීම බලවත් ගැටලුවක් විය. දක්ෂතා ඇති මේ යොවුන් ක්‍රීඩකයන්ට සුදුසු දැරිය හැකි මුදලකට මේ වාහන නොමැතිවීමේ ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ හැකියාවන් උපන් ගෙයින්ම වැළලී ගියේය.

විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇති මේ ‍ගෝ කාර්ට් තරග වඩාත් ප්‍රචලිත කිරීම සඳහා කලකට පෙර ධාවන තරගවලට සහභාගි වූ මෝටර් රථ ධාවන ශූරයන් කීපදෙනකු අන්තර් ජාතික මට්ටමේ ගෝ කාර්ට් ධාවන පථයක් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ඇත.

එබැවින් මේ තීරුබදු සහනය සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන ඒමේ වෑයමක් නොව ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික පිළිගැනීමක් ඇති තරගයක් ප්‍රවර්ධනය කිරීමට ගත් නිවැරැදි දැක්මකින් ගන්නා ලද තීන්දුවක් ‍බව අප‍ගේ හැඟීම යැයි

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා