ජාතික ටයිකොන්ඩෝ සමස්ත ශූරතාව පොලිසියට

ජාතික ටයිකොන්ඩෝ සමස්ත ශූරතාව පොලිසියට

කොරියානු කුසලාන ජාතික ටයිකොන්ඩෝ ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ කළුතර පොලිස් විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පොලිස් ටයිකොන්ඩෝ කණ්ඩායම සමත්විය.

සාන්ත ‍ජෝශප් විද්‍යලයීය ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැති මේ තරගාවලියේ දී රන් පදක්කම්7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 13ක් අත්කර ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවිය. කළුතර පොලිස් විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පොලිස් කාන්තා කණ්ඩායම තරගාවලියේ කාන්තා අංශයේ සමස්ත ශූරතාව දිනාගත් අතර අන්තර් ජාතික හා ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් රැසක් ඔවුන් වෙතින් පරාජය වීම කැපී පෙනුණු සිදුවීමක් විය.

පොලිසිය සමග යුද, ගුවන්, නාවික ඇතුළු දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා සමාජ 16ක් තරග වැදුණු මේ තරගාවලියේ සමස්ත අනුශූරතාව හිමිවූයේ යුද හමුදා කණ්ඩායමටය.

කාන්තා අංශයේ අනුශූරතාව ගුවන් හමුදා ක්‍රීඩිකාවන් දිනාගත් පිරිමි තරග අංශයේ තුන්වැනි ස්ථානය ද ගුවන් හමුදාවට හිමිවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ ජේ.ඒ.නිශ්ශංක සම්මාන දිනා ගත්තේය. සමස්ත ශූරතාව දිනු පොලිස් කණ්ඩායමේ නායකයා ලෙස විශේෂ කාර්ය බලකායේ ඩබ්.පී.එස්. හෙට්ටිආරච්චි කටයුතු කළ අතර ‍කොරියානු ජාතික හෝ ජුන් ලී මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකායේ කේ.කේ.ඒ.ටී.රුවන්සිරි සහ පොලිස් විද්‍යාලයේ කුමාර ද සිල්වා මහත්වරු පුහුණුකරුවන් ලෙස කටයුතු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා