මුද්‍රණය සඳහා

 
මයිකල් ක්ලාක් වාර්තා පොතට

මයිකල් ක්ලාක් වාර්තා පොතට

ඔස‍්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පිට පිට රැස්කළ දෙවැනි ද්විත්ව ශතකයත්, ඩේවිඩ් වෝනර් සහ මයිකල් හසීගේ විශිෂ්ට ශතකත් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 482ක් ලබා ගැනීමට සමත්විය.

වෝනර් ලකුණු 119ක් ලබාගත් අතර දිනයේ අවසන් ඕවරයේ දී හසී ලකුණු 103කට දැවීගියේය. නොදැවී පන්දුවට පහරදෙන නායක ක්ලාක් ලකුණු 224ක් ලබා සිටියේය.

බ්‍රිස්බේන් නුවර පසුගිය සතියේ දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ දිත් ද්විත්ව ශතකයක් ලැබූ ක්ලාක් වසරක් තුලදී ටෙස්ට් ද්විත්ව ශතක 4ක් රැස්කළ පළමු පිතිකරු ලෙස ඉතිහාසයට එක්විය.

ඔස්ට්‍රේලියාව පළමු දිනයේ දී රැස්කළ ලකුණු 482, ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ 1910 වසරෙන් පසුව එක් දිනක් තුලදී ලකුණු 480 සීමාව පසුකළ පළමු අවස්ථාව ලෙස ද වාර්තාවේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]