මුද්‍රණය සඳහා

 
බස්නාහිර පළාත්  පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානය 25දා

බස්නාහිර පළාත්  පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානය 25දා

බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය මේ මස 25වැනිදා පෙරවරු 9.00ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. බස්නාහිර පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා අන්තර් ජාතික තලයේ දැක්වූ දක්ෂතා අගය කිරීමේ අරමුණින් යුතුව පැවැත්වෙන මේ වර්ණ රාත්‍රියේ දී බස්නාහිර පළාතේ පාසල් 50කට වැඩි සංඛ්‍යාවක් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650ක් වර්ණ ලබාගැනීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]