මුද්‍රණය සඳහා

 
පෞද්ගලික දානයේ විපාක

පෞද්ගලික දානයේ විපාක

අහක දැමිය යුතු දෙයක් අහක දමනු වෙනුවට දීමත්, ප්‍රයෝජනය ලබන ගවාදි සතුන්ට ඒ නිසා දීමත්, සාගින්න නිවෙන්නට ප්‍රමාණ නො වන පරිද්දෙන් බත් පිඩක් දෙකක් දීමත් හැර, පින් කැමැත්තෙන් බලු කපුටු ආදි සතකුට කුස පුරා ආහාරයක් දීමෙන් ජාති සියයක දී ආයුෂය, වර්ණය ය, සැපය ය, බලය ය, ප්‍රඥාවය යන ආනිසංසයෝ ලැබෙත්, පෘථග්ජන දුශ්ශීලයාට දන් දීමෙන් ජාති දහසකදී ද පෘථග්ජන සිල්වතාට දන් දීමෙන් ජාති ලක්‍ෂයකදී ද සර්වඥ ශාසනයෙන් බැහැර ධ්‍යානලාභීන්ට දන් දීමෙන් ජාති කෝටි ලක්ෂයක දී ද ආයුෂාදි සම්පත් ලැබෙන්නේ ය. සෝවාන් ඵලය පිණිස පිළිපදින තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙහි ආනිසංසය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන්නේ ය.
 

සාංඝික දාන සත

(1) එක් පසෙකින් භික්ෂූ සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.

(2) සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.

3) භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.

(4) භික්ෂූණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.

(5) මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙපමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍රණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය.

(6) එසේ නිමන්ත්‍රණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.

(7) එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]