මුද්‍රණය සඳහා

 
ගන්ධාර කැටයම

ගන්ධාර කැටයම

මෙය ගන්ධාර සම්ප්‍රදායට අනුව කරන ලද රමණීය කැටයම් ඵලකයකි. බුදුරදුන් නන්ද කුමරු ගේ මැඳුරට වැඩම කර දන් වළඳා විහාරයට වැඩම කරන අවස්ථාව මේ කැටයම් ඵලකයෙන් පෙන්නුම් කෙරේ. ඵලකයේ වම්පස බුදුරදුන් දක්වා තිබේ. උභයාංශ පාරුපනයෙන් යුක්ත යි. රශ්මි මණ්ඩලයෙන් ද යුක්ත යි. බුදුරදුන් පාමුල පාත්‍ර ධාතුව දෝතින් ම ගෙන සිටින්නේ නන්ද කුමරු ය. උඩු මහලේ ජනපද කල්‍යාණිය දක්වා ඇත. ඇය දකුණත වනමින් නන්ද කුමරුට යමක් කියයි. මෙය ඇෆ්ගනිස්ථානයේ හඩ්ඩාවලින් හමු වී ඇති රමණීය කැටයම් ඵලකයකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]