මුද්‍රණය සඳහා

 
සිංහල දරුව

සිංහල දරුවෝ

බුදුරුවනට බැති දැරුවෝ
දමුරුවනට රුති කැරුවෝ
සඟුරුවනට ගැති යුරුවෝ
වෙති සොඳ සිංහල දරුවෝ

මව්පියනට පෙම් කරුවෝ
ගුරුවරුනට කී කරුවෝ
වැඩිමලුනට ගරු සරුවෝ
වෙති සොඳ සිංහල දරුවෝ


වීරිය දිරි ගුණ දැරුවෝ
කාරිය කරනට සුරුවෝ
සූරිය සරි තෙද ගරුවෝ
ආරිය සිංහල දරුවෝ

සිය කුල ‘හසැ දිලි තරුවෝ
ගිය තැනැ හොඳ නම් දැරුවෝ
ලිය නට කියනට සුරුවෝ
පිය වදනැ’ති හොඳ දරුවෝ

බිය නැති මහ පුරි සරුවෝ
ජය ගැනුමට වැර කරුවෝ
පිය පරපුර රන’කුරුවෝ
පිය කරු සිංහල දරුවෝ


බණ ඇසුමට ඉතා කැමැති
පණ මෙන් සිල් රැකි සැදැහැති
අණ ලෙස හැසිරෙන දඟ නැති
ගුණ වත් දරුවෝ යහපති


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]