මුද්‍රණය සඳහා

 
වරායෙන් ආහාර වර්ග රේගු සහතිකය නොමැතිව පිට කරන්නේ නැහැ

වරායෙන් ආහාර වර්ග රේගු සහතිකය නොමැතිව පිට කරන්නේ නැහැ

- වරාය සභාපති

වරායට පැමිණෙන සියලු ආහාර වර්ග රේගු සහතිකය නොමැතිව නිකුත් නොකරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා අවධාරණය කරයි.

රේගු සහතිකය ඇත්නම් ආහාර අඩංගු කන්ටේනර් පිට කරන බව පවසන සභාපතිවරයා කිසි විටෙක අදාළ සහතිකය නොමැති ආහාර අඩංගු කන්ටේනර් නිකුත් නොකරන බව ද පවසයි.

සතොසට පසුගියදා ගෙන්වන ලද ලොකු ලූනු තොගයක් නරක්වීම සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීමකට පිළිතුරු ලබාදුන් සභාපතිවරයා එසේ පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකුගෙන් මේ සම්බන්ධව සිදු කළ විමසීමක දී කියා සිටියේ ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරියකු එම ආහාර අඩංගු කන්ටේනරය පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව ලබාදෙන නිර්දේශය මත අදාළ සහතිකය ලබාදෙන බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]