මුද්‍රණය සඳහා

 
ආපදා අවස්ථාවේ වංචා කළ හා අකාර්යක්ෂම නිලධාරීන් ගැන පරීක්ෂණ

ආපදා අවස්ථාවේ වංචා කළ හා අකාර්යක්ෂම නිලධාරීන් ගැන පරීක්ෂණ

ආපදා අවස්ථාවේ වංචාකාරීව සහ අකාර්යක්ෂමව කටයුතු කළ බව කියන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින් රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලැබී ඇත.

මේ පැමිණිලිවලට අදාළ නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණ පවත්වා එම චෝදනාවලට වරදකරුවන් වුවහොත් තරාතිරම නොබලා වහාම දඬුවම් ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා එම අමාත්‍යාංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතාට නියෝග කර තිබේ. ඉකුත් දින කිහිපය තුළ ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ලක්ෂ හතරකට වැඩි පිරිසක් පීඩාවට පත්වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]