|
||||
2013 නව වසර පිළිගන්න ලොව පුරා මහ සැණකෙළි
මධ්‍යම රාත්‍රියෙන් උදාවූ 2013 නව වසර ලෝකවාසීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය, හොංකොංහි සිට ඩුබායි නගරය දක්වාත් ලන්ඩනයත් නිව්යෝක් නගරයත් මහත් උත්සවශ්‍රියෙන් නව වසර සැමරූ බව වාර්තා වේ. නව වසර උදාවත්ම අහස ගිනිකෙළි සංදර්ශනවලින් ඒකාලෝක වි තිබිණි. මෙම සන්දර්ශන අතුරින් වඩාත්ම කැපී පෙනී ඇත්තේ නිව්යෝර්ක් හි ටයිම්ස් මන්දිරයේ පැවැති සංදර්ශනයයි. ටයිම්ස් මන්දිරයේ සිට දැවැන්ත පළිඟුවක් සාම්ප්රදායයික ලෙස බිමට පතිත කිරිම මිලියනයකට අධික විනෝදකාමින් නරඹා තිබේ. තේම්ස් ගංඟා තිරය ඇතුළු ගංඟා තිරවලට එක්රොක් වු 2,50,000ක් පමණ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ගිනිකෙළි සංදර්ශනවලින් කුල්මත්වි රාත්‍රිය පුරා ප්‍රීති උත්සව පවත්වා ඇත. මියන්මාරයේ ප්‍රථම රාජ්‍ය නව අවුරුදු උළෙල පවත්වා ඇත්තේ ස්විඩගොං පැගෝඩාවේදී යි. නව වසරේ දි දුගී දුප්පතුන් කෙරේ වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා ශුද්දෝත්තම 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ආශ්‍රීර්වාද පුජාව පවත්වා ඇත්තේ සාන්ත පිටර් බැසිලිකාවේ සිටයි. 2012 දෙසැම්පර් ලෝක විනාශ මිත්‍යාවේ භීතිකාවෙන් ඇලළි සිටි ලෝකවාසි ජනතාවට 2013 නව වසර උදාව වඩාත් සුවිශේෂී එකක් වු බව වාර්තා වේ.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |