ඇමැති මර්වින් කැලණිය හැරයයි

ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායක ධුරයෙන් ඊයේ (11) ඉල්ලා අස්වී තිබේ.

විස්තර»


රට වෙනුවෙන් කැප වූවන්ට වරදින‍්නෙ නෑ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 ජනවාරි 09 කොළඹදී.

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


දෝෂාභියෝගය සම්මතයි

* පක්ෂව ඡන්ද 155යි * විපක්ෂව 49යි
* වැඩි ඡන්ද 106යි

* ශ්‍රීලනිප, ජානිපෙ, ජා.හෙළ උරුමය,
  මුස්ලිම් කොංග්‍රසය පක්ෂව ඡන්දය දෙති

* එජාපය දෙමළ ජාතික සන්ධානය
  විරුද්ධව ඡන්දය දෙති

* ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
  විවාදය මඟ හරියි

අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝග විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේදී ඊයේ (11) වැඩි ඡන්ද 106ක් සහිතව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.ඒ අනුව දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 155 ක්ද, විපක්ෂව ඡන්ද 49 ක්ද හිමි විය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සංධානය විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

විස්තර»

තෙත් බිම් උද්‍යානය අද ජනතා අයිතියට

නුගේගොඩ නාවල පාරට මුහුණලා ඉදිකෙරුණු තෙත් බිම් උද්‍යානය අද (12) සවස 5.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කැරේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර පහක පමණ ප්‍රදේශයක ඉදිකර ඇති මේ උද්‍යානයේ මහජන විවේකය ගතකිරීමට අවශ්‍ය ස්ථාන, ගමන් හා ව්‍යායාම් තීරු, ළමා උද්‍යාන සහ පොකුණු මෙන්ම හරිත මල් සහිත තුරු හිසින් ආවරණය වූ මංතීරු ද ස්ථාපිතය.

විස්තර»

ශිරාටියෝරාරි ආඥාව පාර්ලිමේන්තුව පිළිගන්නේ නෑ

නීති විද්‍යාලයීය සිසුන්ට ඉදිරියේදී ඉගැන්විය යුත්තේ සර්ටියෝරාරි ආඥාව සම්බන්ධයෙන් නොව ශිරාටියෝරාරි ආඥාව සම්බන්ධයෙන් යැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය. තම නඩුව සම්බන්ධයෙන් තමන්ම තීන්දුවක් ලබා දීම ශිරාටියෝරාරි ආඥාව . . . .

විස්තර»

අභ්‍යාසලාභී උපාධිධාරීන් 50,800කට ස්ථිර රැකියා ජාතික මහෝත්සවය අද

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පනස්දහස් අටසිය දෙනාට ස්ථිර රැකියා ලබාදීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (12) උදේ 9.00ට ආරම්භ කෙරේ.මෙම පිරිසට ස්ථිර රැකියා හිමි කිරීම සංකේතවත් කිරීමේ උත්සවය අප රටේ . . . .

විස්තර»

දෝෂාභියෝගය සම්බන්ධ යෝජනාවක් නැවත ජනාධිපතිට ඉදිරිපත් කිරීමට
අවශ්‍ය නැහැ

දෝෂාභියෝගය සම්බන්ධ යෝජනාවක් නැවත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය.පෙර යෝජනාවේ ඒ සියලු කරුණු සඳහන්ව ඇති බවද කතානායකවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අලුත් යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකියි.

විස්තර»



අගවිනිසුරුවරිය‍ට එරෙහි දෝෂාභියෝගය‍ට සහාය පළ කරමින් පාර්ලිමේන්තු ව‍ටරවුම අසල ඊයේ (11) පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් ව සි‍ටි ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා ඇතුළු ලේක්හවුස් සේවක පිරිස්. ජායා- සුදත් නිශාන්ත



අරහත් සඟමිත් තෙරණිය සදා අනුස්මරණයට හා මෙරට බෞද්ධ සමාජය අධ්‍යාපනිකව, අධ්‍යාත්මිකව හා ආර්ථික වශයෙන් නඟාසිටුවීම යන උත්තුංග අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ස්ථාපිත “සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනම” මඟින් 2556ක් වූ බුද්ධ වර්ෂයේ සඟමිත් දිනය සමරනු වස් එළි දක්වන ලද “අරහත් සඟමිත් පුද ශාස්ත්‍රීය සමරු ලේඛන සංග්‍රහයේ” පළමු පිටපත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වීම සිදුවූ අවස්ථාවේදී එම උත්සවයට වැඩම කර සිටි දහසක් මෙහෙණින් වහන්සේලා සමඟ ජනාධිපතිතුමා සුහද කතාබහක නිරතවූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා



 

කෝට් ඇදපු සුළු පිරිසක් - ඩොලර්වලට කහී
සුදු සාරිය කරේ දමා කළු තීන්ත ඉහී
යුක්තිය ඉල්ලා ජනයා මහපාරට බහී
සොබා දහම කෝප වෙලා වහී පාට වැහී